Posted on 01.11.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ජනාධිපතිවරයා වටකර ගෙන සිටින ඩොලර් කාක්කන් නිසා එන ඡන්දෙන් පරාජය වී ගෙදර යාමට පමණක් නොව ආණ්ඩුවට ගෑවුණු අයෙකුටවත් ජනතාව ඉදිරියට ගොස් ඡන්දයක් ඉල්ලන්න බැරි තත්ත්වයක් උදාවනු ඇතැයි මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසා තිබේ.
අභයතිස්ස හිමියන් මෙම අදහස් පළකළේ මාධ්‍ය හමුවක් අමතමිනි.
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ආයෝජනයේ නාමයෙන් හෝ ඉන්දියාවට නොදිය යුතු බවද , අද අයෝජනය යයි කියාගෙන එන්නේ විකිණීමට කියන තවත් නමකින් බවද පවසා තිබේ. එකී ආයෝජනයට යෝජිත ඉන්දීය අදානි සමාගම ඉන්දියාවේ මුම්බායි වරායද වැට්ටවූ සමාගමක් යයිද එම හිමියන් පවසයි.
අද ඩොලර් කාක්කන් පිරිසක් ජනාධිපති වටලාගෙන සිටින බවත් ජනාධිපතිගේ ගෞරවය නැති කරන බවත් මැදගොඩ අභයතිස්ස හිමි වැඩිදුරටත් පවසා ඇත.