Posted on 04.06.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කුලියාපිටිය ප්රදේශයේ බුදු පිළිම වලට හානි කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කොට සිටි ඉන්දියානු ජාතිකයා හදිසියේ අසනීපව වාරියපොළ රෝහලට රැගෙන ඒමේදී මියගොස් ඇතැයි වාර්තා වේ.
වාරියපොළ බන්ධනාගාරයේ රඳවා සිටියදී අද (5) රාත්රීයේදී හදිසියේ ඔහුට හුස්ම ගැනීමේ අපහසුතාවයක් හටගැනීමෙන් අනතුරුව වාරියපොළ රෝහලට රැගෙන ආ බවත් එසේ පැමිණෙන අතරතුර ඔහු මියගොස් ඇති බවත් බන්ධනාගාර ප්රකාශයෙක් පවසා ඇත.
මෙසේ මියගොස් ඇත්තේ ඉන්දියානු ජාතිකයකු වන දිලිප් කුමාර් නමැති 47 හැවීරිදි පුද්ගලයෙකි.
ඔහුගේ මෘත ශරීරය මේ වන විට වාරියපොළ රෝහලේ මෘත ශරීරාගාරයේ ආරක්ෂිත ක්රමවේදයන්ට අනුව තැන්පත් කොට ඇති බවත් අධිකරණ නියෝග ලබාගැනීමෙන් අනතුරුව පී.සී.ආර්. පරීක්ෂණය සහ පරශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය කුරූණෑගල ශීක්ෂණ රෝහලට රැගෙන යෑමට කටයුතු කරන බව බන්ධනාගාර නිලධාරීන් පවසා ඇත.