Posted on 08.15.2021 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
ඇෆගනිස්තානයේ තලේබාන් අන්තවාදී සංවිධානය විසින් එරට අගනුවර පාලනය අත්පත් කර ගත් බවට පුවත් වාර්තා ලැබෙමින් තිබේ.
මේ වන විට ඔවුන් ඇෆ්ගනිස්තාන ජනාධිපති මන්දිරය අත්පත් කර ගෙන ඇති අතර එරට ජනාධිපති අෂ්රෆ් ඝානි ටජිකිස්තානය බලා පිටත්ව ගොස් තිබේ. කිසිවකු ප්රචණ්ඩ ලෙස කටයුතු නොකරන ලෙසත් රටෙන් පිටව යාමට කැමති ඕනෑම කෙනෙකුට ආරක්ෂිතව ගමන් කිරීමට ඉඩ දෙන ලෙසත් පිටත්ව යෑමට පෙර ඇෆ්ගන් ජනාධිපති වරරයා විසින් ඉල්ලා සිටින ලදී. මේ වනවිට වැඩබලන ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු ඇමති පවසා ඇත්තේ ‘අන්තර්වාර ආණ්ඩුවක්’ වෙත සාමකාමීව බලය පැවරීමට සූදානම් බවයි.
තලේබාන් සටන්කාමීන් කාබුල් අගනුවරට ඇතුළු වීමෙන් පසුව රජයේ නියෝජිතයන් සමග සාකච්ඡා කරමින් බලය ලබා ගෙන ඇත.
මේ වනවිට අමෙරිකා එක්සත් ජනපදය කාබුල්හි පිහිටි සිය තානාපති කාර්යාලය වෙත එරට සිටින සියළුම අමෙරිකානු පුරවැසියන් කැඳවීමට තීරණය කර ඇති බව මාධ්‍ය සදහන් කරයි.
තලෙයිබාන් සටන්කාමීන් අගනුවරට යන ගමනේදී සුළු විරෝධයක් එල්ල විය.තලෙයිබාන් සංවිධානය විසින් බග්රාම්හි පිහිටි හිටපු ඇමරිකානු ගුවන් කඳවුර සහ මධ්‍යම බාමියන් පළාත ඇතුළුව වැඩි භූමි ප්‍රදේශයක් අල්ලා ගන්නා ලදී.
2001 සුප්‍රකට 9/11 ප්‍රහාර මාලාවෙන් පසුව, අල්ඛයිඩා ඇතුලු සංවිධාන රැසක් ත්රස්තවාදීන් ලෙස සිය සතුරරු පාර්හව්යට නම් කරමින් එක්සත් ජනපදය සිය නේටෝ සගයන් ‘ත්රස්තවාදයට එරෙහි යුද්ධය’ ආරම්භ කරමින් ඇෆගනිස්තානය ආක්‍රමණය කරන ලදී. 20 වසරක යුද්ධයෙන් පසුව එක්සත් ජනපදයට ඇෆ්ගනිස්තානයේ කිසිදු පරාජයක් නොමැතිව සිය හමුදා ඉවත්කර ගැනීමට සිදු විය. ගෝලාන් කඳුකරයේ අල් කයිඩා කඳවුරු විනාශ කළ බවට වරින්වර වාර්තා කෙරුණි. කෙසේවෙතත් අල්ඛයිඩා වෙනුවට ඉන් පෙර ඇෆගන් ප්රජාතන්ත්රවාදයට මාරක විනාශයක් අත්කරමින් පාලනය කළ අන්තවාදී තලේබාන්වරු දැන් නැවත එරට බලය අත්පත් කර ගෙන ඇත්තේ අමෙරිකානු හමුදා පිටව යාමෙන් පසුවය. ඒ අනුව, ඇෆගන් ආක්‍රමණයෙන් පසුව එරට පිහිටුවන ලද රූකඩ ආණ්ඩුව වෙනුවට තලේබාන් පාලනය පුනරාගමනය කළේ එක්සත් ජනපදයේ අනුදැනුම ඇතිවද යන කරුණ සම්බන්ධව විදේශ විශ්ලේෂකයන් විසින් අවධානය යොමුකර තිබේ.