Posted on 08.24.2021 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
අගෝස්තු 31 වැනිදා අමෙරිකානු හමුදා ඉවත් කරගන්න බවට ගත් තීරරණය ඒ ආකාරයෙන් ඉටු කළ යුතු බවට තලෙබාන් සංවිධානය අමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් වෙත දන්වා ඇත.
නියමිත දිනයේදී තවදුරටත් ඒක්සත් ජනපද හමුදා ඇෆ්ඝනිස්ථානයේ රැඳී සිටීම යනු තවදුරටත් යුදමය මැදිහත්වීඹක් ලෙස ගනන් ගැනෙන බව තලේබාන් සංවිධාන ප්‍රකාශක සුහයිල් සහරීන් පවසයි. එය අනවශ්‍ය තත්වයක් වනු ඇති බැවින් රතු ඉර ඉක්මවා යාමට කටයුතු නොකළ යුතු බව ඔහු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පවසා ඇත. තවදුරටත් තම සංවිධානය පැරණි ආකාරයට කටයුතු නොකරන බව පවසමින් ඔහු නව තත්වයන් වෙත මුහුණ දීමට තමන් සූදානම් බවද පවසා ඇත.
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජෙන්සන් විසින් අමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කිරීම පිළිබඳ යලි සළකා බලන ලෙස ඉල්ලීමක් කර තිබිණි. ඒ සම්බන්ධයෙන් අදහස් පළකරන තලිබාන් ප්‍රකාශකවරයා පවසන්නේ බ්‍රිතාන්‍ය හෝ අමෙරිකාව තවදුරටත් හමුදා රඳවන්නට කටයුතු කරනවා නම් එය ප්රකෝපකාරී තත්වයක් වනු ඇති බවය. පළා යාමට තැත් කරන පිරිස් බටහිර ජීවිතය සොයා දිඝිඳු ඇෆ්ගනිස්ථානයෙන් පිටමංවන අය බවද ඔහු පවසා ඇත.
2001 අල්කයිඩා සංවිධානයේ ආරක්ෂිත ප්‍රදේශ ආක්‍රමණය කරරමින් ඇෆ්ඝනිස්ථානයට පැමිණි එක්සත් ජනපද හමුදාවලට පසුව නේටෝ සංවිධානයේ හා වෙනත් රටවල හමුදා සහාය ලැබිණි. කෙසේවෙතත් පසුව තලිබාන් සංවිධානය බලවත් වූ අතර අමෙරිකන් හමුදා විසින් භාවිත කර පසුව ඇෆ්ගන් රජයේ හමුදාවට ලබාදුන් නවීන අවි ආයුද දැන් තලිබාන්වරු සතුව ඇත.
ඇෆ්ගනිස්තානයේ වෙනත් රටවල හමුදා පසුකාලයක ඉවත් වී ගිය අතර අමෙරිකන් හමුුුදා විසින් අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් පාකිස්ථානයේදී ඝාතනය කළ පසුවද ඇෆ්ගනිස්ථානයේ අල්කයිඩා කඳවුරුවලට පහර දීම් සිදු කළේය. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය විසින් ඇෆ්ගනිස්ථානයේ හමුදා ඉවත් කරගැනීඹට තීරණය කල අතර ජෝ බයිඩන් ද එය දිගටම ක්‍රියාවට නැංවීය.
කෙසේවුවද තලිබාන්වරු කාබුල් නගරය වෙත පැමිනෙද්දී ඇෆ්ගන් ජනයා අමෙරිකන් කඳවුර වෙත රොක්වූ බව වාර්තා විය. නේටෝ හමුදාවලට සහාය දුන් හා අන්තවාදී පාලනය පිළිබඳ බියපත් වූ පිරිස් ආරක්ෂාව පතා මෙසේ පැමිණි අතර ඇතමුන් අමෙරිකන් යුද යානාවලින් පළා යන්නට උත්සාහ ැදරූහ. මේ වනවිට ඇෆ්ගන් සරණාගයන් දහස් ගණන් විවිද රටවලට ගෙන ගොස් සරණාගතභාවය ලබා දී ඇත. තවදුරටත් කාබුල් නගරයේ පවතින අමෙරිකන් කඳවුරේ දහසකට කිට්ටු භටයන් පිරිසක් රඳවා ඇතැයි වාර්තා වේ.

