Posted on 07.28.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
දකුණු කොරියාවේ පුරාන් නගරයේ කම්හලක සේවය කළ 34 හැවිරිදි ලාංකික උපාධිධාරියෙක් ජූලි 24 වැනිදා රාත්‍රියේ සිදුව ඇති හදිසි අනතුරකින් මිය ගිය බව වාර්තා විය.
මහනුවර දිස්්ත්රික්කයේ උඩුදුම්බර, බෝපන, ගලපිටගම පදිංචි සම්පත් බණ්ඩාර සෙනෙවිරත්ත මේ ආකාරයෙන් මිය ගොස් ඇත්තේ තමන් සේවය කළ කම්හලේ බැරල් ලේබල් මුද්‍රණ යන්ත්‍රයක දෝෂයක් පිරික්ෂා කිරීමේ යෙදී සිටියදීය. අතිකාල සේවයේ රාත්‍රි සේවයේදී මෙම අනතුර සිදුව ඇත. පසුගිය ආණ්ඩුව සමයේ ජනප්‍රිය වූ කොරියානු රැකියා සිහිනයෙන් පවුලේ ආර්ථික ගැටලු විසඳා ගැනීමට ගිය මෙම තරුණයාගේ සිරුර ලංකාවට ගෙන ඒමේ දුෂ්කර ව්‍යායාමයට මේ වන විට පවුලේ සාමාජිකයන් මුහුණ දී සිටී.
