Posted on 08.14.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක් එල්ලවන අනතුරක් ඇති බවට තොරතුරක් එම මහ කොමසාරිස් කාර්යාලයට ලබාදුන් බවට චෝදනා කරමින් ගුවන් හමුදාවේ හිටපු අයකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හෙට (15) ඉන්දීය ජාතික නිදහස් දිනය යෙදී ඇති බැවින් එදින ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ ඉඩකඩක් ඇති බවට මෙම අනතුරු ඇඟවීම කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම පුද්ගලයා දුන් අනතුරු ඇඟවීම මත කොළඹ ගාලු පාරෝ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙක් විසින් කොල්ලුපිටිය පොලීසියට ඊයේ කළ පැමිණිල්ලකට අනුව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කීර්ති රත්නායක නම් වූ එම හිටපු ගුවන් පියාසර නිලධාරියාව අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ අජිත් රෝහණ පවසන ආකාරයට පනාගොඩ ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන් ගෙන සිටි මෙම සැකරු ගුවන් හමුදාවෙන් නෙරපා ඇත්තෙකි.