Posted on 02.08.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
මෙරට රජයේ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ මැදිහත්වීමෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක වූ මහා පරිමාණ වකුගඩු බද්ධ කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් 2016 වසරේදී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ පරීක්ෂණය මේවනවිට අතරමඟ නැවතී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසයි.
එම ජාවාරමට සම්බන්ධව ක්‍රියා කළ එක් වෛද්‍යවරයෙකු අතුරුදහන් වී ඇති අතර අනෙක් වෛද්‍යවරයා තවමත් නිදැල්ලේ කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ රුක්ෂාන් බෙල්ලන සඳහන් කර ඇත.
මේ වෛද්‍යවරුන් දෙදෙනා සිය වකුගඩු ජාවාරම කටයුතු සඳහා යොදා ගත් මෙරට පෞද්ගලික රෝහල් හතරේම වකුගඩු බද්ධ කිරීමේ සැත්කම්, පරීක්ෂණ අවසන් වෙනතුරු නතර කර ඇති බවද පැවසේ.
සෞඛ්‍ය අමාත්‍යංශය ආරම්භ කර තිබූ පරීක්ෂණයේදී ජාවාරමට සම්බන්ධ වෛද්‍යවරු දෙදෙනාගෙන් එක් අයෙකුගෙන් ප්‍රකාශයක් හෝ සටහන් කරගෙන නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසා තිබේ.