தமிழ்
English
Contact
Wednesday 1st May 2019    
මොන්සැන්ටෝ සමාගමේ ලාභය උදෙසා ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මොන්සැන්ටෝ සමාගමේ ලාභය උදෙසා ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම



වත්මන් රජය බලයට පත් වූ පසුව මෙරට ජනතාවගේ වත්මන් හා අනාගත යහපැවැත්ම වෙනුවෙන්ගන්නා ලද ඉතා ම වැදගත් තීරණයක් ලෙස ඔවුන් විසින් ජනතාවට ඉදිරිපත් කළ ප‍්‍රතිපත්තිමයප‍්‍රකාශයන්ට එකග ව කෘෂිකර්මාන්තයේ දී වල්නාශකයක් ලෙස භාවිත වන උග‍්‍ර විෂ සහිතග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක භාවිතය තහනම් කරන ලදී. නමුත් එය තහනම් කර වසර 3 ක්ඉක්ම යාමට ප‍්‍රථමයෙන් මෙම වල්නාශකයේ හිිමිකාරීත්වය දරන මොන්සැන්ටෝ සමාගමේ දැඩිබලපෑම මත රජයේ නිලධාරින් හා ආණ්ඩුවේ විෂය භාර අමාත්‍යවරුන්ගේ මැදිහත් වීමෙන්ජනතාවගේ වත්මන් හා අනාගත පැවැත්ම විනාශයට ලක් කරමින් කැබිනට් අනුමැතියකින් තොරවග්ලයිෆොසෙට් තහනම ඉවත් කෙරිණ. මෙම තහනම ඉවත් කිරීමට ප‍්‍රථමයෙන් කෘෂිකර්මඅමාත්‍යවරයා හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා සඳහන් කළේ තේ හා රබර් වගාව සඳහා මාස 36ක කාලයකට ග්්ලයිෆොසෙට් තහනම ඉවත් කරන බව ය. එහි දී ඔවුන්ගේ උත්සාහය වූයේ වැවිලිසමාගම්වල වුවමනාවන් ඉටු කිරීම සඳහා වතුකරයේ ජනතාව උකසට තැබීමට ය.

යහපාලනය රටතුළ ස්ථාපිත කිරීමට ජනතාව සමග සම්මුතිගත වූ වත්මන් ආණ්ඩුව ජනතාවගේ යහපැවැත්මවෙනුවෙන් නොව බහුජාතික සමාගම්වල වුවමනාවන් මත ඔවුන්ගේ ලාභාපේක්‍ෂාවන් වෙනුවෙන්පෙනී සිටින බව මේ මගින් මනා ව තහවුරු වේ.ග්ලයිෆොසෙට් තහනම ඉවත් කර ගැනීමේ සමස්ත ක‍්‍රියාවලියේ දී මොන්සැන්ටෝ සමාගමේවුවමනාවන් වෙනුවෙන් කටයුතු කරන්නේ ක්‍රොප්ලයිෆ් ශ‍්‍රී ලංකා ( Croplife SriLanka) ආයතනය යි. ලංකාවට කෘෂි රසායනික ගෙන්වන සමාගම් එක් ව ගොඩනගා ගන්නා ලද මෙම සංවිධානයේවත්මන් සභාපතිවරයා සීග්‍රෝ සිංගප්පූර් සමාගමේ ( Zegro Singapore (pvt)Ltd) රෝහිත නානායක්කාර ය. ක්‍රොප්ලයිෆ් ශ‍්‍රී ලංකා ආයතනය ග්ලයිෆොසෙට් තහනම ඉවත් කර ගැනීමේක‍්‍රියාවලිය පිටුපස සිටින ප‍්‍රධාන හස්තය බවට තහවුරු වී ඇති අතර මෙම ආයතනය තම සමාජික සමාගම්වල ලාභය වෙනුවෙන් පෙනී සිටිමින් මෙරට ජනතාව උකසට තබමින් තම ව්‍යාපාරික උවමනාවන් වෙනුවෙන් ග්ලයිෆොසෙට් තහනම ඉවත් කර ගැනීම සඳහා රජයට විශාල බලපෑමක් සිදුකරයි. ජනතාව රවටමින් ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමවත්මන් රජය බලයට පත්වීමට ප‍්‍රථම ජනතාවට ඉදිරිපත් කළ ‘‘මාස හැටකින් අලූත් රටක් හදන පංචවිධ ක‍්‍රියාවලියෙහි’’ හානි කර කෘෂි රසායනික පිළිබඳ ව විශේෂයෙන් අවධාරණය කර තිබිණ. එහි සඳහන් කර තිබෙන පරිදි පරිසරය සුරකින කාබනික ගොවිතැන මගින් හරිත නිෂ්පාදන සඳහා ඇති විදේශීය වෙළෙඳපොළ අල්ලා ගැනීමට උත්සාහ ගන්නා අතර රටෙහි ආහාර ස්වෛරීභාවය හාආරක්‍ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා බව සදහන් විය. මීට අමතර ව මිනිසාට හා පරිසරයටහානි කර මෙන්ම විශේෂයෙන් වකුගඩු රෝගයට හේතුවන බව සොයාගෙන ඇති කෘෂි රසායනිකද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීම දින 100 තුළ තහනම් කළ බවත් එය තවදුරටත් ක‍්‍රියාත්මක වැඩපිළිවෙළක් ලෙස ක‍්‍රියාවට නංවන බවත් එහි සඳහන් කර තිබුණි.

එපමණක් නොව වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමට ප‍්‍රථම ජනතාවට ඉදිරිපත් කළ ‘‘මෛත‍්‍රිපාලනයක් ස්ථාවර රටක්’’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ, වකුගඩු රෝගයට හේතු වන බවට හෙළිදරව් වූකෘෂි රසායනික ගෙන්වීම හා බෙදාහැරීම වහා ම තහනම් කරන බව සඳහන් විය.කෘෂි රසායනික භාවිතය හේතුවෙන් දිවයින පුරා ජනතාව නිදන්ගත වකුගඩු රෝගයට ගොදුරු වනබැවින් ග්ලයිෆොසෙට් ඇතුළු හානි කර කෘෂි රසායනික ආනයනය හා භාවිතය සම්පූර්ණයෙන් මතහනම් කිරීම සඳහා මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන පදනම් කර ගෙන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනමහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට 2015 මැයි මස 27 වන දින කැබිනට්මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ. එම අනුමැතිය පාදක කර ගෙන 1994 අංක 6 සහ 2011අංක 31 දරන පනත් වලින් සංශෝධිත 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනතේ11 වන වගන්තියට අනුව බලපත‍්‍ර තහනම් කිරීම යටතේ පළිබෝධනාශක රෙජිස්ටාර් විසින් 2015ඔක්තෝබර් මස 23 වන දින අංක 1937/35 දරන ගැසට් නිවේදනයෙන් සක‍්‍රීය ග්ලයිෆොසෙට්රසායනිකය අඩංගු සියලූ ම පළිබෝධනාශක සඳහා ලබා දී තිබු බලපත‍්‍ර අවලංගු කරන ලදී. ඊටප‍්‍රථමයෙන් 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(3) උප වගන්තිය සහ 14 වනවගන්තිය මෙන් ම 20 වන වගන්තියට අනුව ප‍්‍රකාශිත 2015 ජුනි මස 11 වන දින අංක 1918/22 දරනගැසට් නිවේදනයට අනුව ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක ලංකාවට ගෙන්වීම සම්පූර්ණයෙන් මතහනම් කරන ලදී.මේ ආකාරයෙන් ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක ගෙන්වීම සහ භාවිතය සඳහා වන බලපත‍්‍ර අහෝසිකිරීමට ප‍්‍රථමයෙන් පළිබෝධනාශක පනතේ 11 වන වගන්තියට අනුව පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා විසින් ප‍්‍රකාශයට පත් කළ 2014 දෙසැම්බර් 22 වන දින අංක 1894/4 දරන ගැසට් නිවේදනයඅනුව අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, මොනරාගල යන දිස්ත‍්‍රික්ක හතර තුළ හා බදුල්ලදිස්ත‍්‍රික්කයේ රිදීමාලියද්ද හා කන්දකැටිය යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙක තුළ ග්ලයිෆොසෙට්අඩංගු වල්නාශක භාවිතය හා විකිණීම තහනම් කර තිබුණි.

පළිබෝධනාශක පාලනය කිරීමේ පනත යටතේ ග්ලයිෆොසෙට් භාවිතය හා විකිණීම තහනම් කරනසියලූ ගැසට් නිවේදනවල ප‍්‍රධාන වශයෙන් ම අවධාරණය කර ඇත්තේ මහජනතාවගේ හිත පිණිසසහ පළිබෝධනාශක තාක්‍ෂණික හා උපදේශක කමිටුවේ උපදෙස් මත මෙම තහනම් කිරීම සිදු කරනබව ය. නමුත් පළිබෝධනාශක පාලනය කිරීමේ පනතේ 11 වන වගන්තිය යටතේ පළිබෝධනාශකරෙජිස්ටාර්වරයා විසින් ප‍්‍රකාශයට පත් කළ 2018 ජුනි 11 වන දින අංක 2079/37 දරන ගැසට්නිවේදනය මගින් ග්ලයිෆොසෙට් භාවිතය හා විකිණීමේ බලපත‍්‍ර තහනම් කිරීම අවලංගු කර ඇතිඅතර මෙදින ම ප‍්‍රකාශිත අංක 2078/38 දරන ගැසට් නිවේදනය මගින් දිස්ත‍්‍රික්ක හතරක හා ප‍්‍රාදේශීයලේකම් කොට්ඨාශ දෙකක ග්ලයිෆොසෙට් භාවිතය හා විකිණීමේ තහනම ද ඉවත් කරන ලදී. මෙහි දීද අදාළ ගැසට් නිවේදනයේ දක්වා ඇත්තේ මහජනයාගේ හිත පිණිස සහ පළිබෝධනාශකතාක්‍ෂණික හා උපදේශක කමිටුවේ උපදෙස් පරිදි ග්ලයිෆොසෙට් තහනම ඉවත් කළ බව ය. මෙමගැසට් නිවේදනය ප‍්‍රකාශයට පත් කිරීමට ප‍්‍රථමයෙන් කිසි`දු ආකාරයක කැබිනට් අනුමැතියක් ලබාගෙන නොමැත. කැබිනට් අනුමැතියකින් තොරව ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට මෙම ගැසට්නිවේදන ප‍්‍රකාශයට පත් කිරීම සඳහා කෘෂි රසායනික සමාගම් වලින් රජයට දැඩි බලපෑමක් එල්ල වීඇති බව පෙනෙන්නට තිබේ. මේ නිසා රජයට ජනතාව ගැන සිතීමට හෝ නීතිය පිළිබද ව තැකීමටඅමතක වී ඇත. මෙම ගැසට් නිවේදන වල සදහන් වන ආකාරයට මහජනතාවගේ හිතසුව පිණිස උග‍්‍ර විෂ වල්නාශකභාවිත කිරීම හා විකිණීමේ අවසරය ලබා දුන් පළමු අවස්ථාව මෙයයි. ග්ලයිෆොසෙට් වල්නාශකඅඩංගු බෝතල්වල ‘‘පළිබෝධනාශක අනතුරු සහිතයි ප‍්‍රවේශමෙන් පරිහරණය කරන්න’’ ලෙස සඳහන් වේ. එසේ තිබිය දී හිටපු පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා ප‍්‍රසිද්ධියේ සඳහන් කළේ ග්ලයිෆොසෙට් විෂ රහිත බවත් එය පානය කිරීමේ හැකියාව සහිත වල්නාශකයක් බවත් ය.

මොන්සැන්ටෝ සමාගමේ වුවමනාවන් හා කොමිස් වෙනුවෙන් මේ ආකාරයේ වැරදි මතයන් සමාජගත කර සමාජ ආචාරධර්ම උල්ලංඝනය කරමින් තහනම් වල්නාශක භාවිතා කිරීමේ අවස්ථාව නැවතලබා ගන්නා ලදී. 1970 වසරේ සිට අද දක්වා රසායනික පළිබෝධනාශක 36 ක් මෙරට තුළ භාවිතය නීතියෙන් තහනම් කිරීම හා නියාමනය කිරීම සිදු කර ඇත. පළමු වතාවට නියාමන හා නීතිමය අයුරින් තහනම් කළ උග‍්‍ර විෂ වල්නාශකයක් නැවත තහනම ඉවත් කළ අවස්ථාව ලෙස ගල්යිෆොසෙට් තහනම ඉවත්කිරීම සඳහන් කළ හැකි ය. මෙය මොන්සැන්ටෝ සමාගමේ දැඩි බලපෑම මත ජනතාව උකසටතබමින් සමාජ ආචාරධර්ම උල්ලංඝනය කරමින් සමාගමෙන් ලැබෙන වරප‍්‍රසාද හා වරදාන වලටඇති ගිජු බව නිසා ගත් තීරණයක් බව පැහැදිලි වේ. මේ නිසා රටේ ජනතාව වකුගඩු රෝගයටගොදුරු වුව ද, පිළිකා හා දරු උපත් ආබාධ ඇති වුව ද, පරිසරය හා ජෛව පද්ධතීන් බිඳ වැටුණ දනිලධාරින්ට හා අමාත්‍යවරුන්ට ගැටලූවක් නැත. ඔවුන්ට ගැටලූ මතුවන්නේ මොන්සැන්ටෝ සමාගමේ ලාභය අඩු වීම හා වැවිලි සමාගම්වල ලාභය අඩු වීම පිළිබඳව ය. එය භාවිතයෙන්ජනතාවට සිදුවන කිසිදු අහිතකර ප‍්‍රතිවිපාකයක ගැටලූවක් මේ කිසිවකුට නැත.නමුත් ඔවුන් ජනතා වරමින් බලයට පත් වූ බවත් ජනතාව සමඟ සම්මුතිගත වූ බවත් ජනතාවගේ බදුමුදලින් වැටුප් ලබන බවත්, ජනතාව වෙනුවෙන් යහපත් තීන්දු තීරණ ගැනීමට පමණක් බලය පවරාඇති බවත් අමතක කරති. බලයට පත් වූ විට හා නිල බලයන් හිමි වූ විට නිලධාරින් හාඅමාත්‍යවරුන් සිතන්්නේ තමන් සේවය කරන්නේ සමාගම්වල ලාභය වෙනුවෙන් බව ය. මේ නිසාඔවුන් ට දැනෙන්නේ ග්ලයිෆොසෙට් තහනම් කිරීම කිසිදු විද්‍යාත්මක පදනමක් මත සිදු නොවු ක‍්‍රියාවලියක් ලෙස ය. මේ නිසා ම ජනතාවගේ හිතසුව පිණිස ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරනබවට ගැසට් නිවේදනයේ සඳහන් කිරීමට ඔවුන්ට අපුලක් නොමැත. අචාරධර්ම හෝ ජනතාස ම්මුතීන් හෝ නීතිය හෝ උල්ලංඝනය කිරීමට ඔවුන්ට ගැටලූවක් මේ නිසා නැත.

මොන්සැන්ටෝ සමාගම වෙනුවෙන් පෙනී සිටින්නේ කවුරුන් ද?ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම පිටුපස මොන්සැන්ටෝ සමාගමේ වරදාන ලබන ආචාර්ය බුද්ධිමාරඹේ, ආචාර්ය පරාක‍්‍රම වෛද්‍යනාථ, මහාචාර්ය ඔලිවර් ඞී. ඉලේපෙරුම, ආචාර්ය කමල්ගම්මන්පිල, හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක,හිටපු පළිබෝධනාශක රෙජිස්ටාර් ඇතුළු කණ්ඩායම සිටිති. ඔවුන්ට ග්ලයිෆොසෙට් භාවිතය නිසාලෝකයේ රටවල ජනතාව භුක්ති විඳිමින් සිටින හානි හෝ ග්ලයිෆොසෙට් භාවිතයේ හානි කරප‍්‍රතිිවිපාක පිළිබඳව සිදු කර ඇති පර්යේෂණවල ප‍්‍රතිඵල හෝ නොපෙනෙති. ඔවුන් හිතාමතා මබොහෝ දේ සමාජයෙන් සැඟවීමට උත්සාහ ගනිති. මොන්සැන්ටෝ සමාගමේ ඍජු හා වක‍්‍රමෙහෙයවීම යටතේ සිදු කළ බොහෝ පර්යේෂණවල ප‍්‍රතිඵල සමාජ ගත කරන මොවුන් ඉන් සිදු වනහානිය පිළිබඳ ව අපක්‍ෂපාතී විද්‍යාඥයින් විසින් සිදු කළ පර්යේෂණවල ප‍්‍රතිඵල සමාජ ගතනොකරති. ඒ අනුව ග්ලයිෆොසෙට් එතරම් විෂ කෘෂි රසායනයක් නොවන බවත් ග්ලයිෆොසෙට් හානිකර බව පර්යේෂණ මගින් තහවුරු කර නොමැති බවත් ස`දහන් කරමින් ග්ලයිෆොසෙට් පිළිබද වසමාජය තුළ යහපත් ආකල්පයක් ඇති කිරීමට උත්සහ ගනිති. නමුත් ඔවුන් මේ සියල්ල කරන්නේමොන්සැන්ටෝ සමාගමේ ඍජු මෙහෙය වීම යටතේ බව බොහෝ දෙනෙක් නොදනිති.

ග්ලයිෆොසෙට්වල අයිතිය දෙවන පරම්පරාවේ වල්නාශකයක් වන ගල්යිෆොසෙට් පළල් පත‍්‍ර ශාක හා තෘණ කුලයේ ශාක යනසියලූ වල්පැළෑටි නසන වල්නාශකයක් ලෙස ක‍්‍රියාත්මක වේ. මේ මඟින් ශාකයේ ප්‍රෝටීනනිෂ්පාදනය අඩාල කර වල් පැලෑටි මරා දැමීම සිදු කරයි. මෙම සංයෝගය පළමු වරට සංස්ලේෂණයකරනු ලැබුවේ 1950 වසරේ දී ස්විස් ජාතික රසායනික විද්‍යාඥයකු වන හෙන්රි මාර්ටින් විසිනි. නමුත් මේ පිළිබඳ ප‍්‍රකාශයට පත් නොවුන ද 1970 දී ඇමෙරිකානු එක්සත් ජනපදයේමොන්සැන්ටෝ සමාගමේ රසායනික විද්‍යාඥයකු වන ජොන් ඊ. ෆ්රාන්ස්  විසන් නැවත මෙම සංයෝගය සංස්ලේෂණය කරන ලදී. මෙම සංයෝගය වල්නාශකයක් ලෙස භාවිතයට ගත හැකි බව ද සොයාගන්නා ලදී. ඒ සඳහා පේටන්්ට් අයිතිය ද මෙම සමාගම හිමි කර ගත් අතර1974 වසරේ දී රවුන්ඞ්අප්  වෙළෙඳ නාමයෙන් වල්නාශකයක් ලෙස වෙළෙඳපොළටයොමු කෙරින. 2000 වසරේ දී මෙම ග්ලයිෆොසෙට් සංයෝගය සංස්ලේෂණය හා වල්නාශකයක් ලෙස භාවිත කිරීමේ හැකියාවට ලබා ගත් වාණිජ පේටන්්ට් බලපත‍්‍රයේ කල් ඉකුත් වීම සිදු විය.ලෝකයේ 5 වන විශාලතම කෘෂි රසායනික නිෂ්පාදනය පමණක් නොව ලෝකයේ විශාලතම කෘෂිබීජ නිෂ්පාදන අයිතිය ද හිමි මොන්සැන්ටෝ සමාගම විසින් අද වන විට ග්ලයිෆොසෙට් අඩංගුවල්නාශක නිෂ්පාදනයේ දී විවිධ බාහිර සංඝටක එක් කර එහි ප‍්‍රබලතාවය වැඩි කරමින් සිටී. ඊටහේතුව ඔවුන්ට මේ වල්නාශකය නිෂ්පාදනය සඳහා පේටන්ට් බලපත‍්‍රය මඟින් හිමි ව තිබූඒකාධිකාරය 2000 වසරේ දී පේටන්ට් බලපත‍්‍රයේ කල් ඉකුත් වීමත් සමගම අහිමි වීම ය.වෙළෙඳපොළ ඉල්ලූම ඒ ආකාරයෙන් පවත්වා ගැනීමට හා අනෙක් සමාගම් සමඟ තරග කරමින්ඔවුන්ගේ ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශකවල ඉල්ලූම පවත්වාගෙන යාම සඳහා විවිධ අමතරආධාරක සංයෝග හා බැර ලෝහ වර්ග එක් කරමින් වල්නාශකවල ප‍්‍රබලතාව වැඩි කරමින් සිටී. මේනිසා අද වන විට ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක භාවිතා කිරීමේ දී පසට, ජලයට එක් වනරසායනික අපද්‍රව්‍ය ප‍්‍රමාණය අධික වෙමින් පවතී.ග්ලයිෆොසෙට්වල ක‍්‍රියාකාරීත්වයග්ලයිෆොසෙට් රසායනය නිපදවා ඇත්තේ උසස් ශාකවල සහ ක්‍ෂුද්‍ර ජීවීන් තුළ පමණක් හමුවන 5-ඊනොල්පයිරුවිල්සිකිමේට්-3-පොස්පේට් එන්සයිමයනිෂ්පාදනය නිශේධනය කිරීමට ය. මෙම EPSP එන්සයිමය තයිරොසීන්, ටි‍්‍රප්ටොපෑන් හාපීනයිල්ඇලනීන් වැනි ඇමයිනෝ අම්ල නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය වෙයි. EPSP එන්සයිමය පිළිබඳව තවදුරටත් සලකා බැලූවහොත් එය ශාක හොමෝනයක් වන ඔක්සීන නිපදවීමට, ෆෝලික් අම්ලයහා ලිග්නීන් නිපදවීමට ද අවශ්‍ය වේ.

ග්ලයිපොසෙට් අඩංගු රසායනික ද්‍රව්‍යයන් ශාකයකට යෙදිය යුත්තේ ශාක පත‍්‍ර මතට පමණක් වනඅතර, පොළොවට යෙදීමෙන් ශාකයට සිදු වන හානිය අවම ය. මෙහි දී සංස්ථානික වල්නාශකයක්ලෙස ග්ලයිෆොසෙට් ශාක පත‍්‍ර මතින් ශාකයට ඇතුළු වන අතර ප්ලෝයම පටක ඔස්සේ ශාකය පුරාම පරිවහනය වී මුල් දක්වා ද ගමන් කරයි. බහුල වශයෙන් ශීඝ‍්‍රයෙන් විභාජනය වන පටකවල,නොමේරු ශාක පත‍්‍රවල සහ පොළොව යට තිබෙන ශාක පටකවල ග්ලයිපොසෙට් තැන්පත් වෙයි.ග්ලයිෆොසෙට් අංශු පොළොවට වැටුනහොත් ඒවා ඉතා ඉක්මනින් පස් අංශු අතර ට බැඳෙයි. ඉන්පසු පස් අංශු අක‍්‍රිය අංශු බවට පත් වන අතර ඉතා ඉහළ කාබනික ද්‍රව්‍ය පවතින පසක ඉතා හොඳින්ග්ලයිෆොසෙට් අවශෝෂණය වෙයි.

එසේ ම ගල්යිෆොසෙට් පස තුළ සාපේක්‍ෂව සංක‍්‍රමණය වන්නේඅල්ප වශයෙනි. එනම් පස මතට පතිත වු ග්ලයිෆොසෙට් එම ස්ථානයේ ම වියෝජනය නොවීපැවතීමට හැකියාවක් ඇත. එසේ ම ග්ලයිෆොසෙට් සහ පසෙහි අකාබනික පොස්පේට් අයන පාංශු උපස්තර සඳහා තරග වදින අතර පසේ පවතින අකාබනික පොස්පේට් අයන ප‍්‍රමාණය කොපමණමට්ටමකින් ග්ලයිෆොසෙට් පාංශු උපස්තරවලට බැඳගනු ඇති ද යන්න තීරණය කරනු ලබයි. මෙමගින් සිදුවන්නේ අකාබනික පොස්පේට් අයන අඩු මට්ටමක් පවතින විටක දී ග්ලයිෆොසෙට් යෙදූ  විට තවදුරටත් පොස්පරස් පෝෂකය ඌණ පසක් බවට පත් වීම යි. නමුත් ග්ලයිෆොසෙට් පසමත ක‍්‍රියාකාරී ව පවතින කාලයට වඩා වැඩි කාලයක් මතුපිට ජල ප‍්‍රභව මත පවතින අතර මේ නිසා ජලජ ක්‍ෂුද්‍ර ජීවීන්ට, මත්ස්‍යයින්ට, මිරිදිය ඉස්සන්, මිරිදිය කකුළුවන්, මිරිදිය බෙල්ලන් හා ජලජ අපෘෂ්ඨවංශීන්ට බලපෑම් එල්ල වේ. අමෙරිකා එක්සත් ජනපදයේ ගල්යිෆොසෙට් භාවිතය හේ්තුවෙන් මිරිදිය කකුළුවන්ට සිදු වන හානිපිළිබඳ ව අධ්‍යයන කර තිබේ. මෙම රසායනිකයට නිරාවරණ වූ කකුළු පැටවුන් මිය යාම හා රූපාන්තරණයට ගත වන කාලය අඩු වන බව සොයගෙන ඇත. ගෙම්බන්ගේ වර්ධනයේ මුලිකඅදියර යාමනය කරනු ලබන හෝමෝන යාන්ත‍්‍රණය වෙනස් කිරීම සහ උපතින් විකෘති සහිත සතුන්බිහි වීමටත්, ඉස්ගෙඩියන්ගේ කරමලෙහි රූපකායේ වෙනස්කම් ඇති කිරීමටත් රූපාන්තරණයේවෙනස්කම් සිදු කිරීමටත් ග්ලයිෆොසෙට් රසායනිකය බලපාන බව සොයාගෙන ඇත. මිරිදිය මත්ස්‍යවිශේෂවල අක්මාවට හානි සිදු කිරීම ග්ලයිෆොසෙට් රසායනික මගින් සිදු වෙන බව සොයාගෙනඇති අතර එම සතුන්ගේ විෂහරණ පටක නැවත ගොඩනැගීමේ හැකියාව ද මෙම රසායනිකහේතුවෙන් අවම කරන බව සොයා ගෙන තිබේ. මෙම රසායනිකයට ගොදුරු වන මත්ස්‍යයින්ගේ ඇසිටයිල්කෝලීන් නම් එන්සයිමයේ ක‍්‍රියාකාරීත්වය බිඳ වැටීම හේතුවෙන් ප‍්‍රජනන චර්යාවලට බලපෑම් ඇති කරන බව පර්යේෂණ මගින් තහවුරු වී ඇත. ග්ලයිෆොසෙට් වලට නිරාවරණය වන ගොළුබෙල්ලන්ගේ විකෘතිතාවන් ඇති වන බව ද පර්යේෂණ මගින් සොයා ගෙන තිබේ.

මීට අමතර ව ජලජ පරිසරවල ග්ලයිෆොසෙට් බහුල ව සාන්ද්‍රගත වීම හේතුවෙන් ජලජ ශාකවල පැවැත්මට ඉතා හානි කර බලපෑම් ඇති වන බව සොයා ගෙන ඇති අතර බොහෝ ජලජ ශාකවිශේෂ ව`දවීමට මෙන් ම එම ජලජ ශාක ආශ‍්‍රිත ව බෝ වීම සිදු වන ජීවි විශේෂවල පැවැත්මට මේනිසා බලපෑම් එල්ල වන බව පර්යේෂණ මගින් තහවුරු වී ඇත.ග්ලයිෆොසෙට් රසායනය මගින් පස තුළ ජීවත් වන නයිට‍්‍රජන් තිරකරන බැක්ටීරියාවල පැවැත්මටඉතා අහිතකර බලපෑම් සිදු කරන අතර සමස්තයක් ලෙස පාංශු ක්‍ෂුද්‍ර ජීවීන්ට ග්ලයිෆොසෙට්අහිතකර ය. පස තුළ ජීවත්වන විවිධාකාර වු ක්‍ෂුද්‍රජීවී ප‍්‍රජාවන් විනාශ වී යාම නිසා පසේ පෝෂකසමතුළිතතාව බිඳ වැටී නිසරු, ව`ද පසක් බවට ග්ලයිෆොසෙට් භාවිතා කළ බෝග සහිත පසපරිවර්තනය වෙයි.ග්්ලයිෆොසෙට් රසායනය අඩංගු වල්නාශක සෑම වර්ගයක ම ඒක වාර්ෂික හා බහුවාර්ෂික, පළල් පත‍්‍රතෘණ හා පන් වර්ග විනාශ කරනු ලබයි. නමුත් මේ වන විට ග්ලයිෆොසෙට් රසායනය අඩංගුවල්නාශකවලට එරෙහිව ප‍්‍රතිරෝධීතාවක් ගොඩන`ගාගත් වල්පැළෑටි බිහි වී ඇත. ශ‍්‍රී ලංකාව තුළ දීබිහි වු ප‍්‍රතිරෝධී වල් පැළෑටි වලට උදාහරණ ලෙස ගැටකොළ, වල් රබර් සහ ඩෙරිස් නම් වැල්වර්ගයක් හ`දුනා ගෙන ඇත. මෙය කාලයත් සම`ග නිර්මාණය වූ පරිසරයට අහිතකර වු තත්වයකි.මෙවැනි වල් පැළෑටි විශේෂයන් සුපිරි වල් පැළෑටි (ීමචැර ඇැාි* ලෙස හ`දුන්වනු ලබයි. මෙවැනිප‍්‍රතිරෝධකතාවයන් සහිත සුපිරි වල් පැළෑටි ප‍්‍රභේදයක් මුලින් ම වාර්තා වුයේ 1996 දී ඕස්ටේ‍්‍රලියාවේදී ය. එය නමින් රිජිඞ් රයි නම් තෘණ විශේෂයයි.

මීට අමතර ව ගෝලීය වශයෙන් මේ වන විට ග්ලයිෆොසෙට් රසායනයට ප‍්‍රතිරෝධී වල් පැළෑටි විශාල ප‍්‍රමාණයක් විවිධ රටවල් වලින් වාර්තා වීඇත.තම ලාභ අපේක්‍ෂාව මුලික අරමුණ කරගත් මොන්සැන්ටෝ සමාගමේ තවත් විනාශකාරී නිර්මාණයක්ලෙස ග්ලයිෆොසෙට් ප‍්‍රතිරෝධී බෝග හදුන්වාදිය හැකිි ය. එම බෝග හදුන්වන්නේ ‘‘රවුන්ඞ්අප්රෙඩි ක්‍රොප්ස්’’ නමිනි. එහි දී ජාන ඉංජිනේරු තාක්‍ෂණය යොදාගනිමින් ග්ලයිෆොසෙට් වලට සුදානම් වු ජානයක් ශාක ෙසෙලයට ඇතුළු කරනු ලබයි. ඉන් පසු එම ජානයමගින් වෙනස් වු බෝගය ග්ලයිෆොසෙට් වල්නාශකයට ප‍්‍රතිචාර නොදක්වයි. එවිට කිසිදු බාධාවකින්තොරව වගා ක්‍ෂේත‍්‍රයට ග්ලයිෆොසෙට් යෙදිය හැකි අතර එමගින් අදාළ බෝගය හැරුණු විටඅනෙක් සියලූ ම පැළ මර්දනය වේ. මේ මගින් බීජ ඒකාධිකාරය ද සමාගම් සතු කර ගැනීම පහසුවේ.ග්ලයිෆොසෙට් මගින් මානව සෞඛ්‍යයට එල්ල වන බලපෑමග්ලයිෆොසෙට් මගින් මානව සෞඛ්‍යයට එල්ල කරන බලපෑම ආකාර කිහිපයකින් සිදු වේ. එක්බලපෑමක් වන්නේ ග්ලයිිෆොසෙට් සංයෝගයෙන් සිදු කරන බලපෑම ය. අනෙක ග්ලයිෆොසෙට්භාවිතා කර වල්නාශක නිෂ්පාදනයේ දී එක් කරන ආධාරක රසායනික නැතහොත් අමතර සංඝටකමගින් ඇති කරන බලපෑමයි. මේ දෙක ම පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වේ.

ග්ලයිෆොසෙට් ශරීරගත වීම ආකාර කිහිපයකින් සිදු වේ. ජලය මගින්, ආහාර මගින්, ශරීරයේතැවරීමෙන් හා ආග‍්‍රානයෙන් ග්ලයිෆොසෙට් ශරීර ගත වේ. මේ කුමන ආකාරයෙන් ශරීරයටග්ලයිෆොසෙට් එක් වුව ද ඇති කරන බලපෑම ඉතා ම දරුණු ය. අපගේ ශරීරයේ ඇති ග්ලයිසීන් ඇමයිනෝ අම්ලය නැතහොත් එන්සයිමයට පොස්පේට් අණුවක් එක්වූ විට ග්ලයිසීන් පොස්පේට් නැතහොත් ගලයිෆොසෙට් සැකසේ්. ඒ අනුව ශරීරයට ග්ලයිෆොසෙට්එක් වූ විට ශරීරයේ දී ග්ලයිසීන් ඇමයිනෝ අම්ලය වෙනුවට ග්ලයිෆොසෙට් ආදේශ වී ඉතා හානිකර බලපෑම් ශරීරයේ ක‍්‍රියාකාරීත්වයට ඇති කරයි. මතක ශක්තිය අඩු වීම හා වකුගඩු ආබාධ ඇතිකිරීමට මේ තත්වයන් බලපානු ලැබේ. ග්ලයිෆොසෙට් හා දියවැඩියා රෝගය අතර සම්බන්ධයක්පවතින්නේ අග්න්‍යාශයේ ලැන්ගහෑන් ද්විපිකා ෙසෙල මගින් නිකුත් වන එන්සයිමවල ක‍්‍රියාකාරීත්වයවෙනස් කිරීම හේතුවෙනි. මේ නිසා ශරීරයේ සීනි මට්ටම වෙනස් වී දියවැඩියා රෝගී තත්වයන් ඇතිකිරීමට ග්ලයිෆොසෙට් දායක වේ.ග්ලයිෆොසෙට් ආහාර මාර්ගයට එක් වූ විට අන්ත‍්‍රයේ (බඩවැල්වල* සිටින හිතකර බැක්ටීරියා විනාශකරන අතර මේ නිසා අහිතකර බැක්ටීරියා වර්ධනය වේගවත් වේ. මේ නිසා ආමපිත්ත රෝගයෙන්පෙළෙන අයට ඉතා ම දරුණු අහිතකර බලපෑම් ඇති වේ.ඇල්කොහොල් නොවන අක්මා රෝගය නැතහොත් අක්මාව දියවීමේ රෝගය  Lung alcoholic liver deceases) ඇති වීමට ග්ලයිෆොසෙට් ඍජුව ම බලපායි. මේ බව මීයන් යොදාගෙන සිදු කරන ලදපර්යේෂණ මගින් තහවුරු වී තිබේ.ජර්මනියේ Federal Institute for Risk Assesment ආයතනය මගින් ගල්යිෆොසෙට් රසායනිකපිළිබඳ ව කරන ලද අධ්‍යයන මගින් අනාවරණය වී ඇත්තේ පිළිකා ඇති වීමට මෙම රසායනිකයඍජු ව දායක වන බව ය. ඒ අතුරින් වසාගැටිති ආශ‍්‍රිත ව ඇති වන non-hodkin lymphoma නම් පිළිකා තත්වය ඇති වන අතර ගෙල ප‍්‍රදේශයේ වසාගැටිති ආශ‍්‍රිත ව ඇති වන පිළිකා බහුල වගල්යිෆොසෙට් ශරීරගත වීම නිසා සිදු වේ. යුරෝපා රසායනික ආයතනය (European chemical agency)විසින් සිදු කරන ලද පර්යේෂණ මගින්සොයාගෙන ඇත්තේ ඇස් ආබාධ ඇති කිරීමට ප‍්‍රබල බලපෑමක් ග්ලයිෆොසෙට් මගින් සිදු කරන බවය.2015 වසරේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිකා රෝග පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණායතනය (International Agency for research on cancer) විසින් ග්ලයිෆොසෙට් මිනිසාට පිළිකා ඇති කිරීමටහේතුවන රසායනික සංයෝගයක් ලෙසට නම් කරන ලදී. නමුත් මොන්සැන්ටෝ සමාගමෙන්ප‍්‍රතිලාභ ලබන විද්‍යාඥයින්ගේ දැඩි බලපෑම මත එම තත්වය වෙනස් කිරීමට පවා පසුගිය කාලයේබලපෑම් එල්ල කෙරිණ.ඇමෙරිකාවේ හා යුරෝපයේ සිදු කරන ලද අධ්‍යයන වලින් අනාවරණය වී ඇත්තේ මව් කිරිවලට දග්ලයිෆොසෙට් රසායනිකය එක් වී ඇති බව ය.එපමණක් නොව ග්ලයිෆොසෙට් ඉතා අවම මාත‍්‍රාවකින් භාවිත කළ ද මිනිසාගේ සමෙහි ෙසෙලමරාදැමීමට සමත් වන බව සොයා ගෙන ඇත. සමේ ෙසෙල තුළ පිහිටි මයිටකොන්ඩි‍්‍රයාවල බිත්තියඔක්සිකරණයෙන් බිඳ දැමීමට ග්ලයිෆොසෙට් රසායනිකය උත්පේ‍්‍රරණය කරන බවත් පළුදු වූ සමේෙසෙල පිළිකාජනක තත්වයට පත් කිරීමට ග්ලයිෆොසෙට්වලට හැකියාව ඇති බවත් හදුනාගෙන ඇත. සාමාන්‍යයෙන් ග්ලයිෆොසෙට් වල්නාශකය නිර්දේශිත මාත‍්‍රාවෙන් 450 ගුණයක් තරම් තනුකසාන්ද්‍රණයකට මිනිත්තු 20 ක් නිරාවරණය වුවහොත් මිනිස් මුඛයේ ෙසෙලවල වර්ණදේහ හානියටලක් කරන බව සොයාගෙන ඇත. එපමණක් නොව මෙම රසායනික ආඝ‍්‍රාණය කිරීමෙන් මුඛය තුළහා ස්වසන පටකවල ෙසෙල තුළ පිහිටන වර්ණදේහ හානියට ලක් කරන බව පර්යේෂණ මඟින්තහවුරු කර ඇත.අධ්‍යයන කිහිපයකින් අනාවරණය වී ඇත්තේ පාකින්සන් රෝගයට ග්ලයිෆොසෙට් රසායනිකය ඍජුසම්බන්ධයක් ඇති බව ය. ග්ලයිෆොසෙට් රසායනිකයෙන් ඩිපැමිනජික් නම් ස්නායුවල බිඳවැටීම සිදුකර පාකින්සන්් රෝගයට හේතුසාධක ගොඩනැංවෙන බව අනාවරණය වී තිබේ.බර්ලින්වල ග්ලයිෆොසෙට් සමග ඍජු සම්බන්ධතාවක් නොමැති ජනතාව යොදාගෙන කරන ලදඅධ්‍යයනයකින් අනාවරණ වී ඇත්තේ එම ජනතාවගේ මුත‍්‍රාවල ග්ලයිෆොසෙට් රසායනිකය වාර්තා වූබව ය. ඊට හේතුව ලෙස එම පර්යේෂණයෙන් නිිගමනය කර ඇත්තේ ග්ලයිෆොසෙට් රසායනිකතැවැරුණු ආහාර කෑමට ගැනීමෙන් ග්ලයිෆොසෙට් රසායනිකය ශරීරගත වී ඇති බව ය.හිතාමතා ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක ශරීරගත කර ගැනීම හේතුවෙන් වාර්තා වූ සිද්ධීන්ට අනුවශ‍්‍රී ලංකාවේ 887 දෙනෙකුගෙන් 21 දෙනෙක් මරණයට පත් වී ඇත. ආජන්ටිනියානු වෛද්‍යවරුවාර්තා කරන ආකාරයට ග්ලයිෆොසෙට් වල්නාශකය ට කෙටිකාලීන ව නිරාවරණය වීම නිසාස්වශනාබාධ, පාචනය, වමනය සහ සම මත කුෂ්ඨ ඇති වීම මෙන් ම දිගුකාලීන ව පිළිකා, ව`දභාවය,ගැබ් ගැනීම් සම්බන්ධ ප‍්‍රශ්න, උපත් ගැටලූ සහ ස්වශන රෝග ඇති වන බව ද හ`දුනාගෙන ඇත.ආජන්ටිනාවේ චැකෝ ප‍්‍රදේශයේ රජය ප‍්‍රකාශයට පත් කළ වාර්තාවක සඳහන් කර ඇත්තේකෘෂිකාර්මික ප‍්‍රදේශවල පිළිකා වැළදීම ඉතා ඉහළ මට්ටමක පවතින අතර මෙම ප‍්‍රදේශයේඅනපේක්ෂිත ළමා පිළිකාවල තෙගුණයක පමණ ඉහළ යාමක් වාර්තා වී ඇති බව ය. මෙලෙසවර්ධනය වී ඇති පිළිකා ලෙස ලිවුකේමියා, ලිම්ෆෝමා සහ මස්තිෂ්ක ඉදිමුම හ`දුනාගෙන ඇත. මෙමකෘෂිකාර්මික ප‍්‍රදේශවල ජාන වෙනස් කරන ලද බෝග වගාව පමණක් නොව අධික ලෙසග්ලයිෆොසෙට් වල්නාශකය භාවිත කිරීම ද සිදු වන බව ස`දහන් කර ඇත. මේ පිළිබ`ද වරසායනාගාර අධ්‍යයන වලින් පැහැදිලි වී ඇත්තේ ග්ලයිෆොසෙට් රසායනිකය මෙම පිළිකා ඇති වීමසමඟ සෘජු සම්බන්ධතා පවතින බව ය. අජන්ටිනාවේ චාකෝ ප‍්‍රදේශයේ 2000 සිට 2009 කාලපරාසවල දී උපත් ඌනතාවන් ආසන්න වශයෙන් 4 ගුණයකින් ඉහළ යාමට හේතු ලෙස ජානවෙනස් කරන ලද සෝයා බෝංචි හා වී වගාවට ඉතා විශාල වශයෙන් ග්ලයිෆොසෙට් වල්නාශකයයෙදීම හේතු වී ඇති බව ද සොයාගෙන ඇත.පැරගුවේ රටෙහි දිගුකාලීන ව ග්ලයිෆොසෙට් භාවිතා කරන ප‍්‍රදේශවල ජනතාවගේ මොළයෙහිවිකෘති ඇති වීම, හිස්කබල කුඩා වීම හා හිස් කබලේ විකෘති ඇති වීම සිදු වී තිබෙන බවඅනාවරණය වී තිබේ. මේ තත්ත්වයට හේතු ලෙස ගර්භණී සමයේ දී ස්නායු නාල වැසීමටඅපොහොසත් වීම බව හ`දුනාගෙන ඇත. මෙම විකෘතිතාවන් ග්ලයිෆොසෙට් ශරීරගත වීමෙන් සිදු වීඇති අතර ජාන වෙනස් කළ සෝයා බෝංචි වගාවන්ට ග්ලයිෆොසෙට් බහුල ව භාවිත කිරීම ඊටහේතුව බව හ`දුනාගෙන තිබේ.ග්ලයිෆොසෙට් වලට නිරාවරණය වූ පිිරිමින්ගේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන මට්ටම 35% කින්අඩු කරන බවත් වෘෂණ කෝෂවල නිර්නාල ග‍්‍රන්ති බිඳ වැටීම මගින් ජීවි ශුක‍්‍රාණු ෙසෙලවල විකෘතිවර්ණ දේහ මට්ටම ඉහළ යාමත් සිදු වී ඇති බව සොයාගෙන ඇත.පසට තදින්් අවශෝෂණය වන ග්ලයිෆොසෙට් රසායනිකය බැර ලෝහ සම`ග සම්බන්ධ වීමේ වැඩිහැකියාවක් පවතින බව පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ.මොන්සැන්ටෝ සමාගම ග්ලයිෆොසෙට් පිළිබ`ද වව්‍යාජ වෙළෙද දැන්වීම් පළ කිරීමේ ප‍්‍රතිඵලඇමෙරිකාවේ කෘෂිකාර්මික බිම්වල පමණක් නොව ගෙවතුවල බහුල ව භාවිත කරන වල්නාශකයක්ලෙස ග්ලයිෆොසෙට් භාවිතයට ගෙන ඇත්තේ මොන්සැන්ටෝ සමාගම එරට මාධ්‍යවල පළ කළවෙළෙඳ දැන්වීම්වල ප‍්‍රතිඵලයක් ලෙස ය. 2007 වසර වනවිට ඇමෙරිකාවේ බහුල ව ම භාවිත කරනවල්නාශකය ලෙස ග්ලයිෆොසෙට් පත් විය. මේ නිසා ඇමෙරිකාවේ මෙම රසායනිකට ගොදුරු වූගොවීන් බොහෝමයක් පිළිකා ඇතුළු ව රෝග බොහෝමයක් හේතුවෙන් මිය ගොස් තිබේ. එසේ මියගිය අයගේ ඥාතීන් විසින් මොන්සැන්ටෝ සමාගමට එරෙහිව නඩු පවරා ඇත්තේ ව්‍යාජ වෙළෙඳදැන්වීම් පළ කර ගොවි ජනතාව මුලා කර ඔවුන් ව රෝගාබාධ වලට ගොදුරු කර මරණයට පත්කිරීමට මෙම සමාගම වගකිව යුතු බවට අධිකරණය තීන්දු කළ යුතු බව ය. 1996 වසරේ දීඇමෙරිකාවේ නිව්යෝක් මහාධිකරණයේ විනිසුරුවන් විසින් මොන්සැන්ටෝ සමාගම වැරදි ලෙසව්‍යාජ වෙළෙඳ දැන්වීම් සැකසීම පිළිබඳ ව දඩ ගැසීම සිදු කර ඇත. මීට අමතර ව බ‍්‍රසීලයේ දමෙලෙස වැරදි වෙළෙඳ දැන්වීම් ප‍්‍රචාරය කර ජනතාව මුලා කර ග්ලයිෆොසෙට් භාවිතයට හුරුකිරීමට එරෙහිව අධිකරණය මොන්සැන්්ටෝ සමාගමට දඩ නියම කර තිබේ. අද වන විටඇමෙරිකාවේ අධිකරණවල මොන්සැන්ටෝ සමාගමට එරෙහිව ජනතාව විසින් ගොනු කළ නඩු 1000කට වැඩි ප‍්‍රමාණයක් විභාග වෙමින් පවතී.2001 වසරේ දී නිත්‍යනුකූල නොවන ලෙස කොලොම්බියානු හා ඉක්වදෝර දේශසීමාවේ කොකෝවාවගා බිම් වලට ගුවනින් ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක යෙදීම නැවැත්වීමට කොලොම්බියානුඅධිකරණය තහනම් නියෝගයන් නිකුත් කර ඇත. එසේ ම ඊශ‍්‍රායලයේ නිගුව් නම් ප‍්‍රදේශයේගොවියන්ගේ බෝග සඳහා ග්ලයිෆොසෙට් භාවිතය 2002 වසරේ දී අධිකරණ නියෝගයක් මගින්තහනම් කර ඇත. ඉන් පසුව 2010 වසරේ දී අරාබි මානව හිමිකම් කණ්ඩායමක් සහ ඊශ‍්‍රායලයේවිද්‍යාඥයින් පිරිසක් පෙන්වා දී ඇත්තේ සත්ව පාලනයේ දී තෘණ භූමි නඩත්තු කිරීම සඳහා යොදනග්ලයිෆොසෙට් රසායනිකය හේතුවෙන් මිනිස් මරණ, ගබ්සාවීම් හා රෝගි තත්වයට පත් වීම් වර්ධනයවී ඇති බව ය. 2010 වසරේ දී ආජන්ටිනාවේ ප‍්‍රාදේශීය අධිකරණය ෆැන්ටාෆී පළාත තුළ ජනගහනයඅධික ප‍්‍රදේශවල ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක යෙදීම තහනම් කර ඇත. 2012 වසරේ දී කායිකවෛද්‍යවරුන් 160 දෙනෙකුගෙන් සමන්විත ජාලයක් සෞඛ්‍ය සේවකයන් හා පර්යේෂකයන් පිරිසක්ආජන්ටිනාවේ ග්ලයිෆොසෙට් අඩංගු පළිබෝධනාශක වගා බිම් වලට ගුවනින් හෙළීම තහනම් කිරීමසඳහා ඉල්ලීම් කර ඇත. මෙහි දී ඔවුන් ග්ලයිෆොසෙට් ප‍්‍රතිරෝධී ජාන විකරණය කරන ලද සෝයාබෝංචි නිසා පිළිකා ඇති වීම ඉහළ යාම සහ අනෙකුත් රෝගී තත්වයන් පිළිබඳ ව ද සාක්ෂි ඉදිරිපත්කර ඇත.2012 මැයි මාසයේ දී යුරෝපයේ ඡුැිඑසිසාැ ්ජඑසදබ භැඑඅදරන ආයතනය සහ ග‍්‍රීන්පීස් සංවිධානයවිසින් යුරෝපා එකමුතුවෙන් සාමාන්‍ය අධිකරණයේ කොමිසමක් මගින් ග්ලයිෆොසෙට් නැවතඇගයීම අවුරුදු 3 කින් පමා කිරීමට ලබා දුන් තීරණය අභියෝගයට ලක් කරමින් පැමිණිල්ලක් ගොනුකර ඇත. මෙහි දී ග්ලයිෆොසෙට් භාවිතය හේතුවෙන් මෑතක දී සිදු කරන ලද අධ්‍යයනයන් වලින්අනාවරණය වූ පිළිකාකාරක ගුණය, ජන්මානු ෙසෙලවල වර්ණදේහ වලට සිදු කරන හානිය හා උපත්අවම වීම වැනි සෞඛ්‍ය බලපෑම් ගැන සාක්ෂි නොසළකා හැරීම පිළිබඳ ව ඔවුන්ගේ කනස්සල්ල පළකර ඇත.ග්ලයිෆොසෙට් භාවිතය තහනම් කර ඇති රටවල්මේ වනවිට ලොවපුරා රටවල් ගණනාවක් ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක භාවිතය තහනම් කිරීමටහා සීමා කිිරීමට පියවර ගෙන ඇත. යුරෝපා රටක් වන මෝල්ටා ග්ලයිෆොසෙට් භාවිතය තහනම්කර තිබේ. මැදපෙරදිග රටවල් වන සවුදි අරාබිය, කුවෙට්, එක්සත් අරාබි එමිරේට්ස්, කටාර්, බහරේන්හා ඕමාන් යන රටවල් හයෙහි ග්ලයිෆොසෙට් වල්නාශකය භාවිතය තහනම් කර තිබේ. ප‍්‍රංශය ඉදිරිවසර තුන තුළ දී ග්ලයිෆොසෙට් තහනම් කිරීමට පියවර ගැනීමට තීරණය කර ඇත. යුරෝපාපාර්ලිමේන්තුව විසින් යුරෝපා සංගමයට අයත් රටවල් 28 ම ග්ලයිෆොසෙට් භාවිතය ඉදිරි වසර 5තුළ තහනම් කිරීමටත් ගෙවතුවල භාවිතය තහනම් කිරීමට කඩිනමින් පියවර ගැනීමටත් තීරණය කරතිබේ.ජර්මන් කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් මේ වසරේ අපේ‍්‍රල් මාසයේ දී ග්ලයිෆොසෙට් භාවිතය අඩුකිරීම සඳහා වන නියෝග මාලාවක් සකස් කර අවසන් කර තිබේ. බෙල්ජියම, ආජන්ටිනාව, බර්මුඩා,කොලොම්බියාව, නෙදර්ලන්තය, ඉතාලිය, පෘතුගාලය, එල්සැල්වදෝරය වැනි රටවල් ග්ලයිෆොසෙට්භාවිතය සීමා කිරීමට, ගෙවතුවල භාවිතය තහනම් කිරීමට, තෝරාගත් නගරවල හා පොදු ස්ථානවලභාවිතය තහනම් කිරීමට සහ වාණිජ වගාවන් සඳහා පමණක් භාවිත කිරීමට නීති පනවා ඇත.මේ සියලූ තත්වයන් පාදක කරගෙන ග්ලයිෆොසෙට් තහනම නැවත ගෙන ආ යුතු ය. මේ වනවිටදේශීය සුළු පරිමාණ ගොවි ජනතාව මොන්සැන්ටෝ ඇතුළු බහුජාතික සමාගම්වල වෙළෙඳමාෆියාවට හසු වී කෘෂි රසායනිකවල දැඩි ගොදුරක් බවට පත් ව සිටී. ඒ හේතුවෙන් අවශ්‍යතාව මතපමණක් නොව පුරුද්දට කෘෂි රසායනික භාවිතා කරන සමාජයක් තත්වයට අද වන විටකෘෂිකර්මාන්තයේ නිරත ජනතාව පත් කර ඇත. මේ නිසා දකුණු ආසියාවේ විශාලත ම වකුගඩුරෝහල ලංකාවේ ස්ථාපිත කිරීමටත්, පිළිකා රෝහල වසරින් වසර පුළුල් කිරීමටත් සිදු ව තිබේ.එපමණක් නොව අද වනවිට අපනයන කෘෂි වෙළෙඳපොළ සීමා වීමට ද අප රටේ සිදු කෙරෙනඅධික කෘෂි රසායනික භාවිතය හේතු වී තිබේ. විශේෂයෙන් තේ වගාව සඳහා යොදන අධික කෘෂිරසායනික හේතුවෙන් සමහර රටවල තේ වෙළෙඳපොළ අප රටට අහිමි වීමේ ආසන්න අවස්ථාවකපවතී.අප රටේ ගොවියා අධික ලෙස කෘෂි රසායනික භාවිතයට ගොදුරු කළ බහුජාතික කෘෂි රසායනිකසමාගම් අද වන විට වැඩි දියුණු කළ හා ජාන තාක්‍ෂණයෙන් නිපද වූ බීජ වර්ග අප රට තුළ ස්ථාපිතකරමින් සිටී. මේ නිසා සාම්ප‍්‍රදායික ගොවිතැනේ පැවති ඊළඟ කන්නය සඳහා බීජ ඉතිරි කර ගැනීමවැනි පුරුදු ද නතර වී තිබේ. මේ නිසා අද වන විට සුළු පරිමාණ ගොවි ජනතාවට වගා කිරීම සඳහාඅමතර යෙදවුම් විශාල ප‍්‍රමාණයක් වගා බිම් වලට යෙදවීමටත් මේ නිසා ම ප‍්‍රමාණවත් ලාභයක් ලබාගැනීමටත් නොහැකි වී ඇත.එපමණක් නොව කෘෂි රසායනික සමාගම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙහෙයවන තත්වයටපරිවර්තනය වී ඇත. ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හාඅමාත්‍යාංශයේ සේවකයින් කෘෂි රසායනික සමාගම්වල වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටිමින්ඔවුන්ගේ කෘෂි රසායනික ප‍්‍රචලිත කිරීමේ කාර්යයේ යෙදී සිටී. මෙය සම්පූර්ණ නීති විරෝධී ක‍්‍රියාවකි.නමුත් අද වනවිට අප රට තුළ මෙය සාමාන්‍යකරණය වී ඇත.මේ නිසා අප අවධාරණය කරන්නේ ග්ලයිෆොසෙට් ඇතුළු ව සියලූ කෘෂි රසායනික අප රට තුළභාවිතය තහනම් කර මෙරට කෘෂිකර්මාන්තය පාරිසරික ගොවිතැනක් බවට පරිවර්තනය කර සුළුපරිමාණ ගොවි ජනයා ශක්තිමත් කර රටේ ආහාර සුරක්‍ෂිතාව, ආහාර ස්වෛරීභාවය ඇති කරසෞඛ්‍යසම්පන්න පරපුරක් බිහි කිරීමට පියවර ගන්නා ලෙස ය.

සජීව චාමිකර

ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය