தமிழ்
English
Contact
Monday 6th May 2019    
වකුගඩු රෝගීන්ට ලබාදෙන ඖෂධ දෙකක හිඟයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වකුගඩු රෝගීන්ට ලබාදෙන ඖෂධ දෙකක හිඟයක්



වකුගඩු බද්ධ කළ රෝගීන්ට එසේ බද්ධ කළ වකුගඩු සිරුරෙන් ප්‍රතික්ෂේප වීම වළක්වා ගැනීමට අනිවාර්යයෙන්ම ලබාගත යුතු ඖෂධ වර්ග දෙකක් මාස කිහිපයක සිට වකුගඩු රෝග සයානවල නොමැතිවීම නිසා වකුගඩු රෝගීන්ගේ ජීවිත ඉතා අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි වාර්තා වේ.

මෙම mycophenolate සහ cyclosporine නමින් හැඳින්වෙන මෙම ඖෂධ වර්ග දෙක පෞද්ගලිකව මිලට ගන්නේ නම් මසකට රුපියල් 40000ක පමණ මුදලක් වැයකිරීමට සිදුවන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. එසේම නියමිත මාත්‍රාවට මෙම ඖෂධ ලබා නොගතහොත් බද්ධ කළ වකුගඩු සිරුරෙන් ප්‍රතික්ෂේප වීමේ ඉඩක් පවතින බව වෛද්‍ය විශේෂඥයන් පවසයි.

මෙම ඖෂධ වර්ග දෙක ලබාදෙන ලෙස රෝගීන් විටින විට බලධාරීන්ගෙන් ඉල්ලීම් කර තිබුණත් එය තවමත් ඉටුවී නොමැති බව රෝගීන් පවසයි.