தமிழ்
English
Contact
Monday 6th May 2019    
වකුගඩු රෝගීන්ට වන්දි ගෙවන ලෙස මොන්සැන්ටෝ සමාගම එරෙහිව නඩු පැවරිය යුතුයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වකුගඩු රෝගීන්ට වන්දි ගෙවන ලෙස මොන්සැන්ටෝ සමාගම එරෙහිව නඩු පැවරිය යුතුයි



ලංකාවේ වකුගඩු අකරණියට ගොදුරුවූවන්ට එයට හේතු වූ විෂ රසායන නිෂ්පාදන සමාගම්වලින් වන්දි ලබාගැනීම සදහා නීතිමය පියවර ආරම්භ කළ යුතු යුතු බවට විද්වතුන් විසින් යෝජනා කර ඇත.
කැලිෆෝනියා ප්‍රාන්ත ජූරි සභාවක් විසින් එරටට පුරවැසියකු ග්ලයිෆොසේට් ඇතුළත් වල්නාශක හේතුවෙන් ලේ පිළිකාවක් ඇතිවූ බව පිළිගෙන එම වල්නාශක නිෂ්පාදනය කරන මොන්සෙන්ටෝ සමාගම විසින් ඔහුට අමෙරිකානු ඩොලර් මිලියන 289 ක වන්දියක් ගෙවන නියෝග කරණ ලදී.
ලංකාවේදී මොන්සැන්ටෝ සමාගම විසින් නිෂ්පාදිත ‘රවුන්ඩ්අප්’ වැනි අධික විෂ වල්නාශක නිසා විවිධ ආබාධ ඇතිවූවන් සම්බන්ධ නිෂ්චිත පසුවිපරමක් සිදුකර නැති නමුත් වකුගඩු අකරණියට හේතුව මොන්සැන්ටෝ කෘෂිරසායනවල අඩංගු ග්ලයිෆොසේට් බව අනාවරණය වී ඇත.
ඉහත කී අමෙරිකානු ජූරි සභා තීන්දුවක් ප්‍රකාශයට පත්ව තිබෙන්නේ ආණ්ඩුව විසින් ගතේ සහ රබර් වගාවට අදාළව ග්ලයිෆොසේට් තහනම යළි ඉවත් කළ පසුබිමකය.
අමෙරිකාවේ ඩ්වේන් ජොන්සන් නමැති පුද්ගලයකු මොන්සන්ටෝ කෘෂි රසායන සමාගමට එරෙහිව නඩුවක් පවරා තිබුණේ එහි වල්නාශක නිෂ්පාදන හේතුවෙන් තමා පිළිකාවට ගොදුරු වූ බවට චෝදනා කරමිනි. මොන්සන්ටෝ සමාගමේ නිෂ්පාදන වන ‘රවුන්ඩ් අප්’ සහ ‘රේන්ජර් ප්‍රෝ’ යන වල්නාශක අනතුරුදායක මට්ටමක පවතින බව එම සමාගම දැන සිටියත් ඔවුන් ඒ පිළිබඳව පාරිභෝගික ජනතාව දැනුවත් කිරීමට අපොහොසත් වී ඇති බව පිළිගත් අධිකරණය ඔහුට වන්දි ලබාදෙන ලෙස සමාගමට නියෝග කළේය.
මෙම වල්නාශකවල අඩංගු ශ්‍රී ලංකාව තුළද පසුගිය කාලයේ ආන්දෝලනයට තඩුදුන් ග්ලයිෆොසේට් රසායනිකයයි.