தமிழ்
English
Contact
Monday 6th May 2019    
රජරට වකුගඩු රෝගීන්ට අනුරාධපුර රෝහලේ සේලයින් නැතිලු! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රජරට වකුගඩු රෝගීන්ට අනුරාධපුර රෝහලේ සේලයින් නැතිලු!



රජරට කේන්ද‍්‍ර කරගෙන ව්‍යාප්ත වී ඇති වකුගඩු රෝගයෙන් ජීවිතයත් මරණයත් අතර සටනක සිටින රෝගීන්ගේ ප‍්‍රතිකාර ක‍්‍රමයක් ලෙස විකල්ප ක්‍රමයට යොදා ගන්නා ‘සී.ඒ.පී.ඩී.’ (CAPD – Continues Ambulatory Peritoneal Dialysis) සේලයින් වර්ගය නොමැතිකමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබන වකුගඩු රෝගීහු මහත් අසරණභාවයකට පත්ව සිටී. සති කිහිපයක සිට අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ වකුගඩු රෝග නිවාරණ ඒකකයේ මෙම සේලයින් වර්ගය නොමැතිවීමෙන් එම ප්‍රතිකාර ක්‍රමය සිදුකරන රෝගීන් පිරිසකගේ ජීවිත දැඩි අවදානමකට ලක්වී ඇත.
මෙම සේලයින් ගෙන්වීමට රජයේ ඖෂධ සැපයුම් අංශය විසින් නිසි ක‍්‍රියාමාර්ග ගෙගන නැති බවද ලාභ ලබන්නට ඖෂධ ගෙන්වන බහුජාතික සමාගම් පවා එය නොසළකා හැර ඇති බවද පෙනී යන කාරණයකි.