Posted on 04.01.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ත්රීකුණාමලය සර්ධාපුර ප්රදේශයේ පෙරේදා(30) සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් චීනවරාය පොලිසිය පක්ෂග්රාහීව කටයුතු කල බව කියමින් ප්රදේශවාසීන් ත්රීකුණාමලය – මහනුවර ප්රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වී තිබේ. සර්ධාපුර ප්රදේශයෙන් මාර්ගය මැද මියගිය පුද්ගලයාගේ දේහය ද තබාගනිමින් උද්ඝෝෂණයක නිරත වූ පිරිස ඉල්ලා ඇත්තේ මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකරන ලෙසයි.
ත්රීකුණාමලය සර්ධාපුර ප්රදේශයේ පසුගියදා පෙරවරුවේ සිදුවු රිය අනතුරකින් කප්පල්තුරෙයි ප්රදේශයේ පදිංචි කරුවෙකු මියගොස් තිබුණි. කොළඹ සිට ත්රීකුණාමලය දක්වා අධික වේගයෙන් ගමන් කරමින් තිබු මෙම මෝටර් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගය අයිනේ තිබු යතුරු පැදියක්ද යට කරමින් මෙම අනතුර සිදුකර ඇති බව ප්රදේශවාසීන් පවසයි.
අනතුරෙන් පසු පොලිසිය කිසිදු පරීක්ෂණයකින් තොරව අනතුරට පත් මෝටර් රථය හා යතුරු පැදිය එම ස්ථානයෙන් ඉවත් කල බව ප්රදේශවාසීන් චෝදනා කර සිටියි. මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ,කප්පල්තුරෙයි පදිංචි අන්තෝනි සාමි ජෝෂප් නැමැති 49 හැවිරි තිදරු පියෙකි.
මෙම මරණය ගැන සාධාරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා අද පෙරවරු 10ට පමණ ආරම්භ වූ මෙම උද්ඝෝෂණය දහවල් 1.00 පමණ තෙක් පැවත්වී තිබේ.
මාර්තු 30 වැනි දා සිදු මෙම අනතුරින් මියගොස් ඇත්තේ ඒ.එම්.අන්තෝනි සාමි (49) නමැති තිදරු පියෙකි. යතුරු පැදියෙන් ගමන් ගත් මරණ කරු දුරතකන ඇමැතුවක් හේතුවෙන් යතුරු පැදිය මාර්ගය අයිනේ නතරකර කතාකරමින් සිටියදි මෙම අනතුර සිදු ඇත.