Posted on 01.11.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
බීමතින් රිය පදවමින් යතුරු පැදියකටද අලාභ හානි සිදුකර මාර්ගයේ ගමන් කළ කිහිප දෙනෙකුට අනතුරු සිදුකර ඇති අගමැති ලේකම්වරයකු ඊයේ(10) පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
වාර්තාවන ආකාරයට මෙම පුද්ගලයා අධික ලෙස බීමත්ව ගමන්කර ඇති අතර රථය පාලනය කිරීමට නොහැකිව මාර්ගය ආසන්නයේ නවතා තිබුණු යතුරු පැදියක් යටකරමින් පදිකයන් පිරිසකටද අනතුරු සිදුකර ඇත.
රථවාහන පොලිසිය කැඳවීමට පෙරාතුව ඉවත්ව යාමට උත්සාහ කළද අනතුර සිදුවු ස්ථානයේ සිටි පිරිසක් විසින් මැදිහත්වීඹ නිසා ඔහු නවගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රිමාන්ඩ් බාරයට පත්කර ඇත.