Posted on 05.23.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ඉන්දියාවේ කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් අතර පැතිර යන කලු දිලීර රෝගය වැළඳුනු පුද්ගලයෙක් ලංකාවෙන් ද වාර්තා වී තිබේ. එම ආසදිතයා වාර්තා වී ඇත්තේ අම්පාර ප්‍රදේශයෙනි.
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පවසා ඇත්තේ මෙම රෝගය අම්පාර ප්‍රදේශයෙන් හමු වූයේ කෙසේද යන්න බරපතල ගැටලුවක් බවයි.
මෙම රෝගය වැළඳුණු පුද්ගලයන්ගෙන් 50% ක පමණ ප්‍රතිශතයක් අසාධ්‍ය තත්වයට පත්වීමේ හා මරණයට පත්වීමේ අවදානමක් තිබෙන බවට මේ වනවිට ඉන්දියාවේ සිදුකළ පර්යේෂණවලින් තහවුරු වී තිබේ. ඒ නිසා තත්වය දරුණු වියහැකි බවයි ප්‍රසාද් කොළඹගේ පවසා ඇත.
මෙම දිලීරය කොවිඩ් වෛරසය හා සම්බන්ධ වූයේ කුමන ආකාරයෙන්ද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටින බව වාර්තා වේ. ඉන්දියාවේ සිදුකළ පර්යේෂණවලින් හෙළි වී තිබෙන්නේ කොවිඩ් රෝගීන්ට ලබාදෙන ඖෂධ හේතුවෙන් මෙම රෝගය ඇතිවන බවයි.