Posted on 03.15.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මහරගම ප්‍රදේශයේ ඉඩමක් ව්‍යාජ ලියකියවිලි සකස්කරගෙන අත්පත්කර ගත් බවට චෝදනා ලබා සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ බිරිය අද(15) කොළඹ මහාධිකරණයේදී නිදොස් කොට නිදහස්කර ඇත.
හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ඔහුගේ බිරිය ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා මේ අන්දමින් නිදහස් කොට ඇත්තේ රුපියල් කෝටි හතක් පමණ වටිනා ඉඩමක් වංචනික ආකාරයෙන් ලියකියවිලි සකස්කර අත්පත් කරගත් බවට වූ අධි චෝදනාවෙනි.
මෙම කරුණ සම්බන්ධව විත්තිකරුවනට එරෙහිව අධි චෝදනා පත්‍ර ලබාදීමට සූදානම් වූ අවස්ථාවේ විත්තිකාර යුවළ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ ඊට විරෝධය පෑවේය. ඔහු සිය විරෝධයට පදනම් කරගත්තේ නීතිපතිවරයා විසින් විත්තිකරවන්ට එරෙහිව චෝදනා ගොනු කොට ඇත්තේ කලාවරෝදයෙන් අනතුරුව වීමය.
මෙහිදී නීතිපතිවරයා විසින් විත්තිකරුවනට එරෙහිව අධිචෝදනා පත්‍රය එහිදී ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් මහාධිකරණ විනිසුරුවරයා විත්තිකාර යුවළ නිදොස් කොට නිදහස් කළේය.