Posted on 03.03.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පාස්කු ඉරිදා බෝම්බ ප්රහාරය පිළිබඳ සොයාබැලූ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවෙහි සාක්ෂි සටහන් වෙළුම් 87ක් අතරින් වෙළුම් 65ක් ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපතිවරයා වෙත ලබාදී තිබේ.
එහෙත් ජාතික ආරක්ෂාව සම්බන්ධ සංවේදී සාක්ෂි ඇතුළත් වෙළුම් 22ක් නීතිපතිවරයා වෙත ලබාදී නොමැති බව වාර්තා වේ.
අදාළ ජනාධිපති කොමිසම විසින් එම සංවේදී සාක්ෂි සටහන් නීතිපතිවරයා වෙත ලබානොදීමට නිර්දේශ කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය පවසා ඇත.