Posted on 12.16.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කෑගල්ලේ බෙදාහරිනු ලබන පැනිය දේශීය වෙදකමට අයත් වට්ටෝරුවක් නොව, යුනානි නම් මුස්ලිම්වරුන්ගෙන් බිහිවූ වෛද්‍ය ක්රමයේ ඖෂධයක් බව හිටපු බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් සහ රජයේ වෛද්‍ය රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි පවසයි.
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමඟ අන්තර්ජාල සංවාදයකදී ඔහු මේ බව පෙන්වා දී ඇත. එම සංවාදයේදී, මීපැණි රත් කිරීමේදී විෂවන බවට ඇතමුන්ගේ ප්‍රකාශ අසත්‍යයයි බවද පවසන ඔහු යුනානි වෛද්‍ය ක්රමයේ දී මී පැණි වල ගුණය ඉහළ දැමීම සඳහා රත් කරන බවයි.
මෙහිදී මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම විමසා සිටින්නේ ආයුර්වේද වෙදකම තුළ මීපැණි රත් කිරීම විෂවීමක් ලෙස ප්‍රතික්ෂේප කරද්දී මෙම පැනිය ඖෂධයක් ලෙස හඳුන්වාදීමේදී මීපැණි රත් කිරීම සම්බන්ධ පරස්පරය පිළිබඳවයි. එහිදී පිළිතුරු ලෙස අදහස් පළ කරන වෛද්‍ය නිමල් කරුණාසිරි කියා සිටින්නේ රත්කිරීමේදී මීපැනි විෂවීමක් නොව ගුණය හානිවීමක් සිදුවන බවය. පාරම්පරික වෙදකම සහ යුනානි යන වෛද්‍ය ක්‍රම දෙකම දේශීය වෛද්‍ය විද්‍යාලයේදී ඉගැන්වීම සිදු කරන බවත් එම ක්‍රම දෙකම රට තුළ සිදුකරන බවද ඔහු කියා සිටියේය.
මේ අකාරයෙන් කෑගල්ලේ පැණිය පිලිබඳ වෛද්‍ය නිමල් කරුණාසිරි අදහස වන්නේ එය යුනානි නම් මුස්ලිම් ආයුර්වේද වෛද්‍ය ක්රමයේ ප්‍රතිකාර වට්ටෝරුවකට අනුව සකස් කළ බව වුවද කෑගල්ලේ ධම්මික බන්ඩාර පවසා සිටියේ තමන් ලබාදෙන්නෙ පාරම්පරික හෙළ වෙදකමට අනුව සකස් කළ ප්‍රතිකාරයක් බවය.