Posted on 05.02.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ධම්මික බණ්ඩාර නැමැත්තෙකු විසින් සකස් කළ පැණිය හෙවත් ධම්මික පැණිය කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නුසුදුසු බව සායනික පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. මේ පිළිබඳව පරීක්ෂණය කළ රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික පරීක්ෂණය අනුව එය නුසුදුසු බවයි තහවුරු කර තිබේ. විශ්ව විද්‍යාලීය පරීක්ෂණ සිදු කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදියි.
පරීක්ෂණය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් 68 දෙනෙකුට එම පැණිය ලබා දී නිරීක්ෂණය කර තිබේ. එහෙත් එයින් කොවිඩ් රෝගීන්ට සුව වීමක් දක්නට නොලැබුණු බව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය සේනක පිලපිටිය ප්‍රකාශ කර ඇත. ඊට පෙර එම පැණිය වතුපිටිවල මූලික රෝහලේ රෝගීන්ට ලබා දීමේදී 100% ක් ප්‍රතිඵල ලැබුණු බව සඳහන් කරමින් දේශීය වෛද්‍ය අමාත්‍යංශය ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශය විශාල ප්‍රචාරයක් ගෙනයනු ලැබිණි.
කොවිඩ් රෝගීන් 100% ක් සුවවන බව ප්‍රකාශ කරමින් සකස් කළ මෙම පැණිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසකට ලබා ගැනීමත් සමඟ සායනික පරීක්ෂණයක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා ආයුර්වේද දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණි. කෙසේ වෙතත් මෙම පැණියට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මිල සූත්‍ර කමිටුව ද අනුමැතිය ලබා දී ඇත.