Posted on 12.03.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කොමිෂන් සභා 4 ක් සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නම් සඳහා පාර්ලිමේන්තු සභාවේ නිර්දේශ හිමිව තිබේ.
පාර්ලිමේන්තු සභාව අද (03) පස්වරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්විය.
ඒ අනුව ජාතික මැතිවරණ කොමිෂන් සභාවට, පොලිස් කොමිසමට, අල්ලස් කොමිසමට සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ සාමාජිකයින්ගේ නම් සඳහා නිර්දේශ ඉදිරිපත්ව තිබේ.
කෙසේවෙතත් මානව හිමිකම් කොමිෂන් සභාවට සහ සීමා නීර්ණය කොමිෂන් සභාවට ඉදිරිපත් කළ නම් සඳහා ඉදිරියේදී අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහා නීතිඥ නිමල් ජී. පුංචිහේවාත්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා විනිසුරු ජගත් බාලපටබැඳිත්, පොලිස් කොමිසම සඳහා හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුත්, අල්ලස් කොමිසම සඳහා විනිසුරු ඊවා වනසුන්දරත් නම් කරනු ලැබීය.