Posted on 11.26.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
20වන ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය ලබාදුන්නේ පක්ෂය එය ඉදිරිපත් කළ නිසා බවත් හිතට එකඟව නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ පවසා තිබේ. පොහොට්ටුවෙන් තමාට විශාල කැපිල්ලක් ඇති බවත් තමාගේ ඇමති ධුරයෙන් තමාව කැපුවේ නෙලුම් මාවතෙන් බවද ඇය පවසා ඇත.
එලෙස තමාව කැපුවේ කවුද යන්න තමා දන්නා බවත් වෙලාව පැමිණි විට ඒ ගැන කියන බවද ගීතා කුමාරසිංහ සඳහන් කර ඇත.
ඇය මේ අදහස් පලකරේ යූටියුබ් නාලිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිණි.
රමේෂ් පතිරණ ඇතුලු ගාල්ලේ කණ්ඩායම තමාව පරාජය කිරීමේ කුමන්ත්රණයක යෙදී සිටි බවත් අදත් රමේෂ් පතිරණ තමාට දේශපාලනය සිදු කිරීමට ඉඩ නොදෙන බවත් ඇය පවසයි.
තමා මානසික පීඩනයට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා තැනට මැතිවරණ සමයේදී පත් වුණු බවද ඇය සඳහන් කළාය.