Posted on 11.24.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ප්‍රධාන කොමිෂන් සභා කිහිපයක් සඳහා සභාපතිවරු ඇතුළු සාමාජිකයන් පත්කර තිබේ. ඒ අනුව,
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස ජී. පුංචිහේවා පත්කර ඇති අතර අනෙකුත් සාමාජිකයන් ලෙස එම්. එම්. මොහොමඩ්, ගුණපාල වික්‍රමගේ, ජීවන් ත්‍යාගරාජා, කේ. පී. පී. පතිරණ පත්කර තිබේ.
රාජ්‍ය සේවා කොමිසම සඳහා විනිසුරු ජගත් බාලපටබැඳිගේ සභාපතිවරයා ලෙසත් ඉන්ද්‍රානි සුගතදාස, ලීලසේන ලියනගම, ටී. ආර්. සී. රුබේරු, ඩයන් ගෝමස්, ඩබ්ලිව්. එච්. පියදාස, දිලිත් ජයවීර, හේමා ධර්මවර්ධන, නිමල් කරුණාසිරි අනෙකුත් සාමාජිකයන් ලෙසත් පත්කර ඇත.
එසේම ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ චන්ද්‍රා ප්‍රනාන්දුවයි. ඊට අමතරව එස්. ලියනගම, සංජිව පතිරණ, එම්. එස්. එම්. සම්සුදීන්, ප්‍රේමසිරි ප්‍රනාන්දු අනෙකුත් සාමාජිකයන් ලෙස පත්කර ඇත.
මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා ලෙස ජගත් බාලසූරිය පත්කර තිබේ. මිට අමතරව විජිත නානායක්කාර, චන්දන උඩවත්ත, හර්ෂ නවරත්න, කුමාරි බලල්ල කොමිසමේ අනෙකුත් සාමාජිකයන් ලෙස පත්කර ඇත.
අල්ලස් සහ දූෂණ කොමිසමේ සභාපතිනිය ලෙස විනිසුරු ඊවා වනසුන්දර පත්කර ඇති අතර එම කොමිසමේ අනෙකුත් සාමාජිකයන් වන්නේ විනිසුරු දීපාලි විජේසුන්දර, චන්ද්‍රා නිමල් වාකිෂ්ඨ පත්කර තිබේ.