Posted on 11.22.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූර සඳහා නීතිපතිවරයා විසින් නම් කර යවන ලද අටදෙනාගෙන් කිසිවෙකුටත් එම තනතුරු ලබා නොදීමට ජනාධිපතිවරයා තීන්දු කර තිබේ. මේ හේතුවෙන් ප්‍රථම වතාවට නීතිපති දෙපාර්තමේන්තුවෙන් නම් කළ කිසිවෙකුටත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුරක් නොලැබීම ඉතිහාස ගතවෙනු ඇතැයි වාර්තා වේ.
20වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව මෙතෙක් 10ක්ව පැවති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල 16දක්වා ඉහළ යන ලදී.