Posted on 11.05.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ආණ්ඩුව විසින් සම්මත කළ 20 වැනි සංශෝධනය අනුව නම් කෙරුනු පාර්ලිමේන්තු සභාව ඊයේ(4) රැස් කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන කටයුතු කළ නමුත් එහි කිසිදු කාර්යයක් සම්බන්ධ සාකච්ඡාවක් ඇති නොවීම සභාවාරය අවසන්ව ඇත.
විපක්ෂ මන්ත්‍රීවරුන්ට අල්ලස් දෙමින් ඡන්දය ලබා ගත් බවට ඇතැම් චෝදනා එල්ල වූ ව්‍යවස්තා සංශෝධනයක් ලෙස ජනාධිපතිවරයාට හිතුමතේ තීරණ ගැනීමට හැකි තත්වයක් උද්ගතව ඇත.
කෙසේවෙතත් පාර්ලිමේන්තු සභාවට කිසිදු උසස් නිලයක් සඳහා පත් කිරීම් සිදුකළ නොහැකි බවද අවධානයට ලක්ව ඇත. 20 වැනි සංශෝධනයට පෙර පැවති ව්‍යවස්ථාදායක සභාව රජයේ උසස් තනතුරු පත්කිරීමේ විෂය දරා සිටි අතර ජනාධිපතිවරයාට තිබුණේ අදාළ නිලවලට නිර්දේශ සිදුකිරීම පමණකි. එහෙත් 20 වැනි සංශෝධනයේදී එම බලය අහිමි කරමින් ජනාධිපති පත්කරන පුද්ගලයන්ට මුද්‍රාව තැබීමේ නිල කාර්ය පමණක් පවරා තිබේ. ජනාධිපතිවරයා කිසියම් තීරණයක් නොගන්නේ නම් පාර්ලිමේන්තු සභාව කාර්යභාරයක් නැති තත්වයකට පත්වේ. පාර්ලිමේන්තු සභාවට සිය පළමු රැස්වීමේදී කිසිදු විෂයක් සම්බන්ධ සාකච්ඡාවක් නොමැතිව විසිර යාමට සිදුව ඇත්තේ එම හේතුව නිසාය. අද දින රැස්වූ පාර්ලිමේන්තු සභාවට සිය ක්‍රියාපටිපාටිය සම්බන්ධ නෛතික කරුණු පැහැදිලි කිරීම පමණක් සිදුව තිබේ.
මේ අතර ජනාධිපතිවරයා විසින් නම් කළ යුතුව තිබෙන පොලිස්පතිවරයා සම්බන්ධ මාස 9ක් තිස්සේ කිසිදු යෝජනාවක් ඉදිරිපත් කර නොතිබීම සම්බන්ධ අද දිනයේද පාර්ලිමේන්තු සභාවේ අවධානය යොමු නොවීම විශේෂ අවස්ථාවක් විය. දැනට වැඩ බලන පොලිස්පතිවරයකු යටතේ පොලිස් දෙපාර්තමේන්තුව මාස 9ක් ක්‍රියාත්මකවන අතර 2019 නොවැම්බර් 16 පත්වූ ගෝඨාභය රාජපක්ෂ විසින් මේ දක්වා නව පොලිස්පතිවරයකු නම් නොකර සිටී.
පොලිස්පතිවරයා නම් කිරීමේ කරුන නොවැම්බර් 10 වැනිදා නැවත රැස්වී සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු සභාව තීරණය කර ඇත.