Posted on 09.18.2020 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
කොරෝනා වසංගතය හේතුවෙන් ඇද වැටුණු ගෝලීය ආර්ථිකය යළි පෙර තිබුණු තත්වයට පත්වීමට අවම වශයෙන් වසර 5ක් ගතවනු ඇති බව ලෝක බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ කාමන් රයින්හාට් පවසයි.
මේ වනවිට රාජ්‍යයන් ගණනාවක් තවමත් ලොක්ඩවුන් තත්වයේ පැවතීම නිසා ආර්ථික වශයෙන් නැවත ස්ථාවරවීමට කලක් ගතවන බව ඇය කීවේ ස්පාඤ්ඥයේ මැඩ්රිඩ්හි සමුලුවක් අමතමිනි. මේ වනවිට ලෝකයේ සියලු රටවල ජනතාවගේ ආදායම් ඇදවැටීම දිගන් දිගටම සිදුවන බවද ඒහිදී දිළිඳු ජනයාගේ ආදායම් පහතවැටීම කාලය සමග යථා තත්වයට පත්වීමේ වේගය අඩුවී ඇති බව පවසන ආර්ථික විශේෂඥවරිය, ඇති නැති පරතරය වැඩි වශයෙන් පළල් වීමේ තත්වය ධනවත් කාර්මික රටවලදී දක්නට ලැබෙනු ඇති බව පෙන්වා දුන්නාය. මේ අනුව, ලෝකයේ වසර 20කට පසුව පළමුවරට දරිද්‍රතා අනුපාතය ඉහළයාමෙ තත්වයක් දැක ගැනීමට හැකිවනු ඇතැයි ඇය පවසයි.
කොරෝනා වසංගතය නිසා ලොව පුරා මිලියන 60කට අධික පිරිසක් අතිශය දිළිඳු තත්වයකට ඇදවැටෙනු ඇතැයි ලෝක බැංකු ප්‍රධානි ඩේවිඩ් මැල්පස් මින් පෙර පවසා තිබිණි.