Posted on 03.04.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කොවිඩ් – 19 වෛරසය ආසාදනයවී මියයන පුද්ගලයින්ගේ මළසිරුරු භූමදානය කිරීම සඳහා රැගෙන යෑමේදී අනුගමනය කළ යුතු විශේෂ මාර්ගෝපදේශ මාලාව නිකුත්කර තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කරඇති මෙම මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වෙන ආකාරයට භූමදානය සඳහා රැගෙන යන්නේ ඉරණතිව් දූපත වෙතයි.
මෙම මාර්ගෝපදේශන මාලාවට අනුව කිසියම් පුද්ගලයෙකු කොවිඩ් වෛරසය ආසාදිතව මිය යෑමෙන් පසු එම මරණය භූමදානය කිරීමට අවශ්‍ය නම් ඔහුගේ ඥතීන් විසින් නොපමාව ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ වෙත දැනුවත් කළ යුතු වේ.
මියගිය පුද්ගලයාගේ දේහය හඳුනාගැනීම සඳහා පුද්ගලයින් දෙදෙනෙකුට පමණක් ඉරණතිව් දුපත බලා යෑමට අවසරය හිමිවන අතර එය පූර්ව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයකට යටත්ව සිදුකෙරෙනු ලබයි.
ඒ අනුව සෑම දිනකම පෙරවරු 5.30ට ඉරණතිව් දුපත බලා කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගේ දේහයන් රැගෙන යෑමට නියමිතය.
එමෙන්ම මළසිරුර භූමදානය කිරීමේදී හෝ දේහය පෙට්ටියේ තැන්පත් කිරීමේදී ඡායාරූප ගැනීම හෝ වීඩියෝ කිරීම සම්පූර්ණයෙන් තහනම් බවද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
දේහය පෙට්ටියක තැන්පත් කළයුතු වන අතර කිසිදු හේතුවක් මත එය විවෘත කිරීමට අවසර හිමි නොවන බවද එම නිවේදනයේ සඳහන් වේ.


