Posted on 03.03.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කොවිඩ් ආසාදිත මළ සිරුරු ඉරණතිව් දූපතේ භූමදානය කිරීමට එරෙහිව එම දූපතේ පදිංචි වැසියන් විරෝධතාවයක නිරත වන බව වාර්තා වේ.
මේ වන විට ඉරණතිව් දූපතේ යළි පදිංචි කිරීම් සිදුවන තත්ත්වයක් යටතේ කොවිඩ් මළ සිරුරු භූමදානය කිරීම ගැටලුවක් බව විරෝධතාකරුවන් පවසයි.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පසුගිය 2දා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී කොවිඩ් හේතුවෙන් මියයන මෘතදේහ භූමදානය සඳහා කිලිනොච්චියේ ඉරණතිවු ප්‍රදේශයේ භූමදානය කිරීමට සුදානම් බව පවසා තිබුණි.
දේශපාලන නායකයන්, ආගමික නායකයන් සහ දූපතෙහි වෙසෙන ධීවර ජනයින් ද මේ සඳහා සහභාගි වී සිටි අතර දූපතෙහි කොවිඩ් දේහ භූමදානයට කිරිමට රජය ගත් තීරණය ගැන යළි සලකා බලන මෙන් විරෝධතාවයේ දී ඔවුන් රජයෙන් ඉල්ලීමක් සිදු කර ඇත.
කොවිඩ් මරණ ඉරණතිව් ප්‍රදේශයේ භූමදානය කිරීමට ආණ්ඩුව ගත් තීරණය සම්බන්ධයෙන් මුස්ලිම් දේශපාලන නායකයන්ගේ ද විරෝධය මතුව තිබේ.