Posted on 03.06.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ඊයේ දිනයේදී මඩකලපුව, ඔට්ටමාවඩි ප්‍රදේශයේ දී කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය ආරම්භ කර තිබේ. ඒ අනුව ඊයේ දිනයේදී මෘතදේහ 9ක් භූමදානය කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයද කොවිඩ් මෘතදේහ සඳහා භූමදානය සහ ආදාහනය නිර්දේශ කර තිබියදී ලංකාව තුළ භූමදානය ගැන තීරණය කිරීමට වසරකට ආසන්න කාලයක් අරගල කිරීමට ජනතාවට සිදුවිය. භූමදානය සඳහා අවසර ලබාදීමෙන් පසුවද එය ක්‍රියාත්මක කිරීම ආණ්ඩුව කල් දමන ලදී. අවසානයේ පසුගියදා ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේ කොවිඩ් භූමදානය සඳහා කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඉරණතිව් දූපත යොදාගෙන ඇති බවයි. එහෙත් එය ජාතිවාදී තීරණයක් බව සඳහන් කරමින් විවේචන එල්ල විය. එසේම ඉරණතිව් දූපතේ ජනතාව කොවිඩ් මෘතදේහ තම දුපතේ භූමදානය කිරීමට තීරණය කිරීම ගැන විරෝධය දක්වන ලදී.
ඊයේ භූමදානය සිදුව ඇත්තේ මඩකළපුව ඔට්ටමාවඩි කොරළේපත්තුව බටහිර ප්‍රාදේශීය සභාවට අයත් මජීමා නගරයේ සැලසුම් කරන ලද ඉඩමකයි.
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්. එස්. එස්. අමීර් අලී පවසා ඇත්තේ කොවිඩ් මරණ සඳහා තෝරා ගෙන ඇති භූමිය අක්කර දෙකක පමණ වන භූමියක් බවත් එය ගංවතුර හා දැඩි වර්ෂා කාල වලදී මුස්ලීම් ජාතිකයින්ගේ මෘතදේහ හෙවත් ජනසා භූමදානය සඳහාම වෙන් කර තිබුණු භූමි ප්‍රදේශයක් බවයි.