Posted on 02.10.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමිදානයට ඉඩ දෙන බව අගමැති මහින්ද රාජපක්ෂ අද (10) පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.
ජලයෙන් කොවිඩ් රෝගය බෝ නොවන බව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළ බවත් ඒ හේතුවෙන් මෘතදේහ භූමිදනයට අවසර ලබා දෙන්නේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් අගමැති මහින්ද රාජපක්ෂ ගෙන් විමසා සිටි අවස්ථාවේදී එයට පිළිතුරු දෙමින් අගමැතිවරයා කියා සිටියේ මෘතදේහ භූමිදානයට අවසර ලබාදෙන බවයි.
මෙරට තුළ ක්‍රියාත්මක බලහත්කාරී ආදාහනය ජනවාර්ගිකත්වය කේන්ද්‍රකරගත් ප්‍රතිපත්තියක් ලෙස හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් කණ්ඩායමක් විසින් නිවේදනයක් නිකුත් කර තිබුණි. ඒ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වරිය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීමට දින දෙකකට පෙරයි.