Posted on 02.12.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
භූමදානයට අවසර දෙන බවට අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී පැහැදිලි ප්රකාශයක් ලබාදී තිබියදී නැවතත් තාක්ෂණික කමිටුවට මෙම කාරණය ගෙන යන්නේ මන්දැයි රාවුෆ් හකීම් මන්ත්රීවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී විමසා තිබේ.
අගමැතිවරයාට ඉහළින් තීරණ ගනිමින් මෙයට බාධා කරන්නේ කවුදැයි ප්රශ්න කළ රවුෆ් හකීම් මන්ත්රීවරයා මෙම කරුණ ජිනීවා වෙතද ගොස් ඇතැයිද එය නොවිය යුත්තක් බවද පවසා ඇත.
හකීම් මන්ත්රීවරයා මේ බව පවසා ඇත්තේ මෘතදේහ භූමදානය කිරීමට ඉඩ දීමේ ගැසට් නිවේදනය නිකුත් කරන්නේ තාක්ෂණ කමිටුවේ එකඟත්වය මත බව රාජ්ය ඇමැති සුදර්ශිනී ප්රනාන්දුපුල්ලේ ඊයේ (11 වැනිදා) පාර්ලිමේන්තුවේදී ප්රකාශ කිරීමෙන් පසුවයි.