රට පුරා ගුරුවරු හා විදුහල්පතිවරු මුහුණ දෙන වැටුප් ගැටලු, පාසල් අධ්‍යාපනය ලබාදීමේදී ඇතිවන ගැටලු සහ අධ්‍යාපනයට ආණ්ඩුව වෙන්කරන ප්‍රතිපාදන සම්බන්ධ ඉල්ලීම් වෙනුවෙන් හෙට(13) දීපව්‍යාප්ත වැඩවර්ජනය නිසා පාසල් 10162ක් වැසෙන්නට නියමිතය.
මෙම ගුරු විදුහල්පති වර්ජනය, මාර්තු 13 වැනිදා අසනීප නිවාඩු දැමීමෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පවසයි. ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ සංවිධායක සංජීව බණ්ඩාර පවසන්නේ වසර 22ක් ඇදී යන බී.සී.පෙරේරා කොමිසමේ අසාධාරණයට විසදුම් දෙන ලෙස පාලකයන්ගෙන් කළ ඉල්ලීම්වලින් පලක් නැති බවය. ඒ නිසා ගුරු සහ විදුහල්පති වීත්තිය සංගම් ඒකාබද්ධව හෙට වෘත්තිය ක්‍රියාමාර්ගය සදහා ප්‍රධාන සටන් පාඨ තුනක් කේන්ද්‍රකර ගන්නා බව ඔවුන් විසින් ජනමාධය වෙත දැනුම් දී ඇත. එනම්,
● ගුරු විදුහල්පති වැටුප් වැඩි කරනු!
● කොළ පිරවිල්ල නවතනු!
● අධ්‍යාපනයට 6% වෙන්කරනු!
මෙසේ වෘත්තිය ක්‍රියාමාර්ගය සදහා ගුරුවරුන්ගේ, විදුහල්පතිවරුන්ගේ සහ අධ්‍යාපන වෘත්තිකයන්ගේ වෘත්තිය සමිති 31ක් ඒකාබද්ධවන බව නිවේදනය කර තිබේ.