Posted on 01.25.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු තමිල් විරෝධතාකරුවන්ට ගෙල කපන අභිනයක් දැක්වීම සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය මහේස්ත‍්‍රාත් අධිකරණයක් නිකුත් කළ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා ඇත.
ලන්ඩනයේ ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැති විරෝධතාවක් පැවතෙද්දී තානාපති කාර්යාලය ඉදිරිපිටට පැමිණ එම අභිනයෙන් කළ තර්ජනය සම්බන්ධයෙන් ‘පබ්ලික් ඉන්ටරෙස්ට් ලෝ සෙන්ටර්‘ යන ආයතනය විසින් බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දුට එරෙහිව පැමිණිල්ල සළකා බලා ඇති ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර ඇත.
එහෙත් බ්‍රිතාන්‍යයේ හ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර්වරයාට තානාපති මුක්තිය ඇති බැවින් ඔහුට එරෙහිව නඩු පැවරිය නොහැකි බව විදේශ අමාත්‍යංශ ලේකම් රවිනාථ ආර්යසිංහ මෙරට බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස්වරයාට පෙන්වා දී ඇත. එබැවින් මේ පිළිබඳව කරුණු සමාලෝචනය කොට බි‍්‍රතාන්‍ය අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්නැයිද විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා මෙරට බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස්ට දැනුම් දී ඇත.
කෙසේවෙතත් ‘1986 අංක දරණ මහජන සාමය පිළිබඳ පනත’ උල්ලංඝණය කළ බවට එම චෝදනාව යටතේ ඕනෑම අයකුට එරෙහිව නඩු පැවරිය හැකි බව නීති අංශවලින් සනාථ කර තිබේ. එහෙත් තානාපති මුක්තිය අනුව තානාපති කාර්යාල නිලධාරියකුට දඩුවම් නොලැබ සිටිය හැකි බවද දැනගන්නට ඇත. මේ වනවිට බ්‍රිෙග්ඩියර්වරයා තානාපති කාර්යාලෙය් සේවය නොකරන බැවින් මෙම ගැටලුව රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් බවට පත්විය හැකි බවද ඇතැම් රාජ්‍යතාන්ත්‍රික නිලධාරින් විසින් අවධානය යොමුකර ඇත.