தமிழ்
English
Contact
Monday 6th May 2019    
ප්‍රියංක ප්‍රනාන්දු තානාපති වරප්‍රසාදය යටතේ දඩුවමින් නිදහස් වේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ප්‍රියංක ප්‍රනාන්දු තානාපති වරප්‍රසාදය යටතේ දඩුවමින් නිදහස් වේ!



බ්‍රිතාන්‍යයේ ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක බලධාරියා ලෙස කටයුතු කළ ප්‍රියංක ප්‍රනාන්දුට තානාපති මුක්තිය හිමිවිය යුතු බවට විදේශ අමාත්‍යංශය තහවුරු කළ නිසා බ්‍රිතාන්‍යය අධිකරණයක් මගින් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවා ඇත.

2018 ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් ලංකාවේ නිදහස් දින කටයුතු පවත්වද්දී ඒ ඉදිරිපිටදී උද්ඝෝෂණයේ නිතර වූ දෙමළ ජාතිකයන් පිරිසකට ‘ගෙල කපන බවට’ තර්ජනාත්මක අයුරින් සංඥාවක් නිකුත් කළ බවට ප්‍රියංක ප්‍රනාන්දු සම්බන්ධව විදේශ අමාතයංශය හෝ යුද හමුදාව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් ගෙන නැත. ඒ වෙනුවට ඒ බිහිසුණු අභිනය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව බ්‍රිතාන්‍ය වෙස්ට්මිනිස්ටර් අධිකරණය විසින් වරදකරු කරමින් නිකුත් කළ වරෙන්තුවෙන් ඔහු ගලවා ගැනීමට ආණ්ඩුව මැදිහත්වූයේ ඔහු තානාපති වරප්‍රසාද හිමි අයකු බව සනාථ තරමිනි. අද (02) දිනයේදී එම අධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තුව යලි කැදවා ඇත්තේ බ්‍රිතාන්‍ය , විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබඳ කාර්යාලය බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු රාජ්‍ය තාන්ත්‍රීක වරප්‍රසාද හිමි අයකු බව තහවුරු කිරීමෙන් අනතුරුවයි.

සියළු නීතිමය කරුණු පැහැදිලි කිරීම සදහා ලබන මාර්තු මස 1 වැනිදා අදාල නඩුව යලි කැදවීමට වෙස්ට්මිනිස්ටර් අධිකරණය තීරණය කර ඇත.