தமிழ்
English
Contact
Monday 6th May 2019    
බෙල්ල කපන බව පෙන්වූ බ්‍රිගේඩියර් එම සිදුවීමට වරදකරු බවට තීන්දුවක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බෙල්ල කපන බව පෙන්වූ බ්‍රිගේඩියර් එම සිදුවීමට වරදකරු බවට තීන්දුවක්



පසුගිය වසරේ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතවූ පිරිසකට ගෙල සිඳ දමන අකාරය දනවන අභිනයක් කළ එවකට එහි ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරමින් සිට බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු වරදකරු කළ එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත‍්‍රාත් අධිකරණය ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙසට වරෙන්තුවක් නිකුත් කර ඇතැයි වාර්තා වේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පබ්ලික් ඉන්ට්රෙස්ට් ලෝ සෙන්ටර් නැමති පෞද්ගලික පාර්ශවයක් විසින් වෙස්ට්මින්ස්ටර් මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත සිදු කළ පැමිණිල්ලක් විභාගයට ගනිමින් මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කර තිබේ.

එක්සත් රාජධානයේ මහජන සාමය සුරැකීමට අදාළ පනත උල්ලංඝනය කිරීම යටතේ වෙස්ට්මිනිස්ටර් අධිකරණය විසින් බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු වරදකරු කොට ඇත.

මෙම පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේදී ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පොදුරාජ්‍ය මණ්ඩල විදේශ කටයුතු ලේකම් කාර්යාලය හරහා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම සිදුවීම වන අවස්ථාවේ ප්‍රියංක ප්‍රනාන්දු එක්සත් රාජධානිය තුළ රාජතාන්ත‍්‍රික නියෝජිතයෙකු ලෙස කටයුතු කළ බැවින් ඔහුට රාජ්‍යතාන්ත‍්‍රික මුක්තිය හා වරප‍්‍රසාද හිමි අයෙකු වන බවත් , ඒ අනුව ඔහු අධිකරණ නීතියට යටත් නොවන බවත් පවසා ඇත.

කෙසේ වෙතත් ඒ සඳහා බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දුට මෙරට විදේශ අමාත්‍යංශය හරහා සිතාසි යැවූ බව ඔහුට එරෙහිව නඩු පවරා ඇති පබ්ලික් ඉන්ට්රෙස්ට් ලෝ සෙන්ටර් නීති ආධාරක ආයතනය කියා සිටියද එවැනි සිතාසියක් පසුගිය 22වන දා තෙක් විදේශ කටයුතු අමාත්‍යාංශයට ලැබී නොමැති බවද වාර්තා වේ. මීට අමතරව යුධ හමුදාවද එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ට නිල වශයෙන් දැනුම් නොදුන් බවට ප්‍රකාශ කර තිබුණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් පරීක්ෂණයක් සිදුකරන බව පැවසුවද පසුව ප්‍රියංක ප්‍රනාන්දු සිය සේවා කාලය අවසන් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණ නැවත ශ්‍රී ලංකා යුද හමුදා රාජකාරි සඳහා එක් වූ බව වාර්තා විය.

තානාපති නිලධාරියෙකු යනු මෙරට ආණ්ඩුව නියෝජනය කරමින් සේවය් යෙදී සිටින්නෙකි. එබැවින් ඔහු පිළිබඳ වගකීමක් මෙරට ආණ්ඩුවට ඇත. ඔහු බ්‍රිතාන්‍ය අධිකරණ නීතියට යටත් නොවන්නේ නම් මෙරටදී හෝ ඔහුට විරුද්ධව නීතිමය පියවර ගත යුතු වේ.