Posted on 11.18.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්‍රයේදී වැදගත් අනාවරණයක් කරමින් ලංකාවේ දේශපාලනයට මැදිහත්වීමක් සිදුකරන තානාපතිවරු අද (18) කොළඹ ගාලුපාරේ අරලියගහ මන්දිරයට පැමිණ සාකච්ඡා පැවැත්වූ බව මාධ්‍ය වාර්තා කරන ලදී.
ඒ අනුව, මහා බ්‍රිතාන්‍ය, එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ජපානය හා යුරෝපා සංගමය නියෝජනය කරන තානාපති නිලධාරිහු මෙම සාකච්ඡාවට පැමිණ සිටියහ. කෙසේවුවද මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් තොරතුරු මාධ්‍ය වෙත අනාවරණය කර නැත.
(මින් පෙර මෙම ප්‍රවෘත්තිය පළ වීමේදී වචන කිහිපයක් මැකී යාමෙන් අර්ථය විකෘති වී තිබුණු බව කරුණාවෙන් සලකන්න- සංස්කාරක)