Posted on 11.26.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඔක්තෝබර් 26 වැනිදා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කර මහින්ද රාජපක්ෂ එම තනතුරට පත් කිරීමෙන් පසුව රටවල් කිහිපයක් විසින් ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් නිකුත් කළ අනතුරු ඇගවීම් තවමත් ඉවත්කර නැත.
එම දේශපාලන වෙනස්කම නිසා රට තුළ විරෝධතා, පෙළපාළි හා ගැටුම් ඇති වියහැකි බවට එක්සත් ජනපදය, බ්‍රිිතාන්‍ය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් කිහිපයක් විසින් ලංකාවේ සංචාරය කරන සිය පුරවැසියන්ට අනතුරු ඇගවීම් නිකුත් කරන ලදී. ඔක්තෝබර් 29 වැනිදා විදේශ ඇමති ධුරයට පත් කිරිමෙන් පසුව සරත් අමඅණුගම විසින් විදේශ අමාත්‍යංශයේ නිලධාරින් කැදවා මේ තත්වය සම්බන්ධව සාකච්චා කර ඇත. එම සංචාරක අනතුරු ඇගවීම් නව පාලනයට අවාසිදායක බවද සංචාරක කටයුතු අඩාල වුවහොත් ඇතිවන තත්වය සමස්තයක් ලෙස ආර්ථිකයට බලපාන බැවින් හැකි ඉක්මනින් ඒවා ඉවත් කරන්නට රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් කටයුතු කළයුතු බව ඔහු එහිදී විදේශ අමාත්‍යංශයේ රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධ නිලධාරින්ට දැනුම් දී ඇත. සති දෙකක කාලයකින් ඒ අනතුරු ඇගවීම් ඉවත්කරන්නට පියවර ගත යුතු බවද එසේ ඛල නොහැකි නිලධාරින් සම්බන්ධව යහපත් චිත්‍රයක් තමන්ට ඇති නොවනු ඇති බවද අමණුගම ඇමතිවරයා පවසා තිබේ. ඒ අනුව මේ වනවිට එකී කාලසීමාව අවසන්ව ඇති නමුත් ඉහත රටවල අනතුරු ඇගවීම් තවමත් ඉවත්කර නැත.