ජාත්‍යන්තර දුරකථන බද්ද නැවත අයකිරීමට මෛත්‍රීගෙන් උපදෙස්

මෙවර අයවැයෙන් ඉවත් කරන ලද ජාත්‍යන්තර දුරකතන ඇමතුම් මත අය කරන විදුලි සංදේශ ගාස්තුව නැවත පනවන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (12) කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇතැයි වාර්තාවේ.

ජාත්‍යන්තර දුරකතන ඇමතුම් මත අය කරන විදුලි සංදේශ ගාස්තුව ඉවත් කිරීමෙන් රජයට රුපියල් කෝටි 600ක පමණ වාර්ශික ආදායමක් අහිමිවන බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

මේ බැවින් මේ පිළිබඳව යළි සලකා බලා එම ගාස්තුව නැවත අය කර ගැනීමට කටයුතු කරන්නැයිද ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි වාර්තාවේ.

විදේශ ශ්‍රමිකයින්ගේ පවුල්වලට සහය දැක්වීමේ පියවරක් ලෙස ජාත්‍යන්තර දුරකතන ඇමතුම් මත අය කරන විදුලි සංදේශ ගාස්තුව ඉවත් කිරීමට මෙවර අය වැයෙන් පියවර ගෙන තිබේ.

Sithara Sajeewani :