ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තවත් ප්‍රබලයෙක් ඉවත්වෙයි

එක්සත් ජනපද ජනාධිපතිගේ ජාතික ආරක්ෂාව පිළිබදව නියෝජ්‍ය උප දේශක සෙබස්තියන් ගොර්කා ධවල මන්දිරයේ සිය ධූරයෙන් ඉවත් ගොස් අති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට ඩොනල් ට්‍රම්ප්ගේ කාර්යය මණ්ඩලයේ කිහිපදෙනෙකුම මෙසේ සිය වගකීම්වලින් ඉවත්වගොස් ඇත. මීට සතියකට පෙර ධවල මන්දිර ප්‍රධාන උපාය මාර්ගික උපදේශක ලෙස කටයුතු කළ ස්ටීව් බැනොන්ද ඉවත්ව ගියේය.

පසුගිය මාස කිහිපය තුල සිය කාර්යය මණ්ඩල සාමාජිකයින්කිහිප දෙනෙකුම ඩොනල්ඩ් ට්‍රම්ප්ව හැරයාමේ ප්‍රවණතාවයක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Madanayaka :