Posted on 01.16.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ත්‍රස්තවාදි කටයුතු සම්බන්ධ චෝදනා යටතේ දින 50ක් රඳවා සිටින මාධ්‍යවේදී මුරුගුපිල්ලේ ගෝකුලදාසන් වහාම නිදහස් කරන ලෙස ‘දේශසීමා නොමැති මාධ්‍යවේදියෝ’ (RSF) ආණ්ඩුවට බලකර සිටී.
මඩකලපුවේ පදිංචි මාධ්‍යවේදියා, 2020 නොවැම්බර් 28 දින වාලච්චේනේදී අත්අඩංගුවට ගනු ලැබුවේ කොටි සංවිධානයේ ඡායාරූප මූණු පොතේ පළ කිරීමේ හේතුවක් මතය.
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ චෝදනා නගන ලද නමුත් ඔහු රඳවා සිටින ස්ථානය හෙළිකර නැත.
එහෙත් ඔහු පළකර තිබුනේ යුද්ධයේදී මියගියවුන් සමරන අවස්ථාවක ඡායාරූපයක් බවත් මියගිය දෙමළ අය සම්බන්ධ අදහස් FB ඔස්සේ බෙදා හදා ගැනීම ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බවත් ලංකාවේ ප්රජාතන්ත්රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානය පෙන්වා දෙයි.