Posted on 09.19.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කිමිදුම් උපකරණ යොදාගෙන මුහුදු කූඩැල්ලන් රැස්කිරීම හේතුවෙන් පේදුරුතුඩුව ධීවර ජනතාවට දැඩි අසාධාරණයක් වන බව පේදුරුතුඩුව ධීවරයින් අදහස් පළ කර ඇත. මේ නිසා ව්‍යාපාරික ධීවර බෝට්ටුවල මුහුදු කූඩැල්ලන් ඇල්ලීමට දකුණේ සිට පැමිණි ධීවරයන් අට දෙනෙකු අල්ලා ගැනීමත් සමඟ පේදුරුතුඩුව ධීවර ගම්මානය දැඩි ලෙස නොසන්සුන් වි ඇති අතර, නීති විරෝධි අයුරින් දකුණේ ධීවර ජනතාව උතුරු මුහුදේ මසුන් ඇල්ලීමට තම විරෝධතාවය ප්‍රකාශ කර ඇත.
ධීවරයන් සහ තාක්ෂණ උපකරණ සමග බෝට්ටු අත්අඩංගුවට ගැනීමත් සමඟ ප්‍රදේශයේ නොසන්සුන්කාරි තත්වයක් හටගෙන ඇති අතර, එහිදි පේදුරුතුඩුව පොලීසිය මැදිහත්වි තත්ත්වය පාලනය කොට තිබිණි. අල්ලාගත් සැකකරුවන් ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග වෙනුවෙන් ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.