Posted on 09.13.2018 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
බේරුවලින් මුහුදු ගිය මලිදු පුතා නම් ධීවර යාත්‍රාව අනතුරට පත්වීමෙන් ධීවරයන් හතර දෙනෙකු මියගොස් තවත් ධීවරයන් දෙදෙනෙක් අතුරුදහන්ව ඇති බව වාර්තා වේ. මෙම බෝට්ටුවේ සිටි එක් අයෙක් දිවි බේරාගැනීමට සමත්වී තිබේ.
මසුන් ඇල්ලීම සඳහා මලිදුපුතා බහුදින යාත්‍රාව බේරුවල ධීවර වරායෙන් පෙරේදා (11) පස්වරුවේ පිටත්ව ගොස් ඇත.
දිවි බේරාගත් ධීවරයා පවසන පරිදි අනතුරට හේතුව මෙම යාත්‍රාව රාත්‍රී කාලයේදී වෙනත් විශාල නැවක ගැටී පෙරලී යාමයි.
ගාල්ල වරායේ සිට බටහිර දෙසට නාවික සැතපුම් 30ක පමණ දුරකදී මෙම අනතුර සිදුව ඇතැයි වාර්තා වේ.