Posted on 07.26.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු ඇතුලු විවිධ නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දියානු ධීවර යාත්‍රා 174ක් නිදහස් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.
ඒ අනුව 2014 වසරේ සිට 2018 ජූලි දක්වා නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගනෙ ඇති යාත්‍රා හෙට (27) වනවිට නිදහස් කිරීමට තීරණය වී ඇත. කෙසේවෙතත් මෙරට ධීවර සීමාවේ මසුන් මැරූ චෝදනාව යටතේ ඉන්දියාවේ තන්ජෝර්හි ලියාපදිංචි කළ බහුදින යාත්‍රා 4ක හිමිකරුවන්ට ලංකාවේ ධිකරණය හමුවේ පනෙී සිටින ලෙස ියෝග කර තිබේ.
ලංකාවේ ආනඩුව හා ඉන්දියානු ආණ්ඩුව විසින් විවිධ එකගතා ඇතිව මෙවැනි තීරණ ගත්තද දිගින් දිගටම වයඹ මුහුදේ ධීවර කටයුතු කරමින් ආක්‍රමණික ස්වභාවයකින් කටයුතු කිරීම ඉන්දියානු ධීවර ව්‍යාපාරිකයන්ගේ කටයුත්තක්ව තිබේ. මෙහිදී ධිවර යාත්‍රාවල හිද අත්අඩංගුවට පත්වන්නේ එම ධීවර ව්‍යාපාරිකයන් යටතේ රැකියා කරන පීඩිත ධීවර කාර්මිකයන්ය. ආන්ඩුව විසින් මෙම ගැටලුව සම්බන්ධ පැහැදිලි රාජ්‍යතාන්ත්‍රික ඍජුභාවයකින් කටයුතු නොකර ඉන්දිය රජයේ බලපෑමට නතුව ක්‍රියාත්මක වන ආකාරයක් තිබේ යැයි ධීවර සමිති නියෝජිතයෝ චෝදනා කරති.