Posted on 07.16.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ආණ්ඩුවෙන් ඉන්ධන මිළ වැඩිකිරීම නිසා ධීවරයින් දැඩි අසරණ තත්වයකට පත්ව සිටින නිසා සාධාරණයක් ඉටු නොවන්නේ නම් විරෝධතා සංවිධානය කිරීමට සූදානම් බව සමස්ථ ලංකා බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමය පවසයි.
තවදුරටත් අදහස් දක්වමින් එම සංගමයේ සභාපති සුජිත් සමන්ත කියා සිටියේ ඉන්ධන මිල නිසා රට පුරා බහු දින යාත්‍රා හිමියන් විශාල පීඩාවකට පත්ව සිටින බවය. ධීවරයන්ට ඉන්ධන සහන ලබා දෙන බව කීවද බහු දින යාත්‍රා හිමියන්ට තමන්ගේ යාත්‍රාවලට අඩු මිළට ඉන්ධන ලබාගත නොහැකිව සිටින බව ඔහු පවසයි. ආණ්ඩුව හදිසියේ ඉන්ධන මිල ඉහළ නැංවූ නිසා සියලු අපේක්ෂා බිදවැටී ඇති බව පැවසූ සභාපතිවරයා මේ ගැටලුව විසදා ගැනීමට ධීවරයන් හා එක්ව විරෝධතාවලට යාමට සිදුවන බව කියා සිටියේය.