Posted on 11.05.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්ථාපිත කළ පාර්ලිමේන්තු සභාවේ මංගල රැස්වීම ඊයේ සවස පැවැත්විණි. මෙම රැස්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් කතානායක නිල නිවසේදී පැවැත්විණි.
කතානායකවරයා, අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා නිල බලයෙන් පාර්ලිමේන්තු සභාවේ සාමාජිකයන් වන අතර අගමැතිවරයාගේ නියෝජිතයා වශයෙන් ඩග්ලස් දේවානන්දා සහ විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා වශයෙන් කබීර් හෂීම් මෙම සභාව නියෝජනය කරයි.
පාර්ලිමේන්තු සභාවේ ප්‍රධානියා ලෙස නිළ බලයෙන් කතානායකවරයා පත් වේ.
පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දිසානායක විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය යටතේ පාර්ලිමේන්තු සභාවේ නීතිමය රාමුව සහ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් සාමාජිකයන් දැනුවත් කර ඇති බවත් ඉන්පසු ඒ සම්බන්ධයෙන් සාමාජිකයන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවත් වාර්තා වේ.
පාර්ලිමේන්තු සභාවේ මීළඟ රැස්වීම නොවැම්බර් 10 වැනිදා පෙරවරු 10 ට පැවැත්වීමට නියමිතය.