Posted on 10.26.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පසුගියදා 20වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන් මුස්ලිම් ජාතික සන්ධානයේ, මුස්ලිම් කොංග්‍රසයේ, කඳුරට ජනතා පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් එම ඡන්දය ලබා දී ඇත්තේ එම පක්ෂවල නායකයන්ගේ අනුමැතිය යටතේ බව වාර්තා වේ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් 4 දෙනෙකු 20 වැනි සංශෝධනය සම්මත කරගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය ලබාදුන්නේ සිය පක්ෂ නායක රවුෆ් හකීම්ගේ අනුමැතිය ඇතිව බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක එච්. එම්. එම්. හාරිස් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පවසා තිබුණි. ඔහු පවසා තිබුණේ ඡන්දය ලබාදීම නිසා තමන් පක්ෂයෙන් නෙරපා දැමීමක් සිදු නොවන්නේ ඒ නිසා බවයි.
රිෂාඩ් බදියුදීන් සමඟ ආණ්ඩුවේ පාර්ශවයට මීට පෙර සිට ඩීල් එකක් තිබූ බවට චෝදනා අතර ඔහුගේ සොහොයුරා නිදහස් කෙරුණේ සහ ඔහුට විරුද්ධව පැවති පාස්කු ප්‍රහාරයට සම්බන්ධ චෝදනා වෙනස් කෙරුනේ හේතුව නිසා බව පැවසුණි. ඒ අනුව තමන්ගේ පක්ෂය නියෝජනය කළ අනෙක් මන්ත්‍රීවරයාට 20ට පක්ෂව ඡන්දය ලබාදෙන ලෙස පවසා රිෂාඩ් විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීම නාටකයක් පමණක් බව වාර්තා වේ.
අරවින්ද් කුමාර් ඡන්දය ලබාදීම පිළිබඳවැඩ මනෝ ගනේෂන් මන්ත්‍රීවරයාගේ අනුමැතිය යටතේ බව වාර්තා වේ.
මෙම මන්ත්‍රීවරුන් 20ට පක්ෂව ඡන්දය ලබාදී ඇත්තේ ඔවුන් නියෝජනය කරන පක්ෂවල නායකයන් ආණ්ඩුව සමඟ පවතින ඩීල් එකක් නිසා තහවුරු වෙන තවත් කරුණක් වන්නේ රාවුෆ් හකීම්. රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන් යන තිදෙනාම දුමින්ද සිල්වා නිදහස් කර ගැනීමට ආණ්ඩු පක්ෂය ඉදිරිපත් කළ පෙත්සමට අත්සන් කර තිබීම හේතුවෙනි.
මීට අමතරව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ 20ට පක්ෂව ඡන්දය ලබාදෙන්නේ සජිත් ප්‍රේමදාස ගෝඨාභය රාජපක්ෂ සමඟ පවතින ඩීල් එකක් නිසා බව හෙළිව තිබේ. එවැනි ඩීල් එකක් ගැන හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණි. එය ප්‍රතික්ෂේප කිරීමක් සමගි ජන බලවේගය පාර්ශවයෙන් මෙතෙක් සිදු කර නොමැත.