Posted on 10.22.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට අද (22) සහ හෙට (23) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීමට අවසර ලබාදී තිබේ.
කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේ (21) පැවති පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ දී මෙම තීරණය ගනු ලැබ තිබේ.
රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තු රැසවීමට සහභාගී කර ගන්නා ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරු කතානායකවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇත.
ආණ්ඩු පක්ෂයට 20 වැනි සංශෝධනය සඳහා අවශ්‍ය ඡන්ද සංඛ්‍යාවේ අඩුවක් පවතින අතර ආණ්ඩුවේම ඇතැම් පාර්ශ්ව 20 වැනි සංශෝධනයේ ඇතැම් කොටස් සම්බන්ධ දැඩි විරෝධයක් දක්වයි. රිෂාඩ් බද්යුදීන් මන්ත්‍රිවරයා සැඟවී සිටීම හා අත්අඩංගුවට පත්වීම දේශපාලන නාටකයක් බවද ඔහු ආණ්ඩුවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට ඇතිකරගත් ඒකඟතාව මත ඔහුගේ සොයුරු රියාද් බදියුදින් ඇප මත නිදහස් කෙරුනු බවද දේශපාලන අංශවල කතාබහට ලක් විය.