Posted on 09.16.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා නීතිඥ හිජාස් හිස්බුල්ලා සිය නීතිඥවරයා මාර්ගයෙන් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 23 වන දා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
මෙම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් නෙරින් පුල්ලේ අධිකරණයට දන්වා සිටියේ, අත්අඩංගුවේ පසුවන නීතිඥ හිජාස් හිස්බුල්ලාට අදාළ නඩු කටයුත්ත අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙන බවය.
අද දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ තම සේවාදායකයා සම්බන්ධයෙන් ඉදිරිපත් වන කරුණු සලකා බලා මෙම පෙත්සම සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන්නැයි පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා ඉල්ලීම නිසා පෙත්සම ලබන 23 වනදා කැඳවීමට අධිකරණය නියම කර තිබේ.