නෙදර්ලන්තයේ යූට්රෙක්ට් නගරයේදී පුද්ගලයකු කළ වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් කිහිපදෙනකු තුවාල ලබා ඇති අතර මෙය අන්තවාදී කණ්ඩායමක ක්‍රියාවක්දැයි සැක මතුව තිබේ.
වෙඩි තැබීමෙන් එක් පුද්ගලයකු මියගොස් ඇතැයි ද වෙඩි තැබීම කළ පුද්ගලයා පලාගොස් ඇතැයි ද ඔහු සොයා මෙහෙයුම් දියත් කර ඇතැයි ද ප්‍රංශ පුවත් සේවය තවදුරටත් වාර්තා කර ඇත. ආරක්ෂක අංශවලට සහ හදිසි සේවා අංශවලට ඔවුන්ගේ රාජකාරීවලට නිරත වීමට සහායවීමක් ලෙස ප්‍රධාන මාර්ගවලින් ඉවත්ව සිටින්නැයි එරට බලධාරීන්ගේ මහජනතාවගෙන් ඉල්ලා ඇතැයි ද වාර්තා වේ.