Posted on 01.30.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කටුපොල් වගාව තවදුරටත් ව්‍යාප්ත කරමින් සිටින බව පවසමින් එයට විරෝධය දක්වා පැලවත්ත හතරෙකනුව ප්‍රදේශයේ ජනතාව ඊයේ(29) පැලවත්ත තිනියාවල මාර්ගයේ විරෝධතාවයක නිරත වී තිබේ. විරෝධතාවය සඳහා එක්වී සිටි ප්‍රදේශවාසීන් පවසන පරිදි වසර ගණනක් පුරා කටුපොල් වගාවට එරෙහිව ඔවුන් කිහිපවිටක් බලධාරීන් දැනුවත් කළද මේ වනතුරු කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. කටු පොල් වගා කරන්න වතු අධිකාරිය ජනතාවගේ විරෝධතා නොතකා කටුපොල් වගාවන් තව තව තවත් අලුතෙන් වගා කරමින් සිටින බව ප්‍රදේශවාසීන් චෝදනා කරයි. ඔවුන් පවසන්නේ එම ප්‍රදේශයේ ජල මුලාශ්‍ර සමඟ ළිංවල ජලය ක්‍රම ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බවයි.
ප්‍රදේශයේ ජනතාවගේ විරෝධතා හේතුවෙන් අවසානයේ ජනතාව, ප්‍රදේශයේ රජයේ වගකිවයුතු නිලධාරීන් සහ වතු අධිකාරිවරයා සමඟ සාකච්ඡාවක් ලබාදී තිබේ. එහිදී වතු අධිකාරිවරයා පවසා ඇත්තේ මෙය නීත්‍යනුකූල වගාවක් බවත් මේ සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බවත්ය. නමුත් මෙහිදී ප්‍රාදේශීය ලේකම්වරයා මැදිහත්වී කළුතර දිස්ත්‍රික්කයේ කටුපොල් අලුතින් වගාකිරීම අත්හිටුවීමට කැබිනට් තීරණයක් ගෙන ඇති බව දන්වා තිබේ. අවසානයේ ජනතාව විසිර ගොස් ඇත්තේ මෙම ගැටලුවට මාසයක් තුළ ස්ථිර විසඳුමක් දෙන බවට බලධාරීන් පොරොන්දු වීමෙන් පසු සහ අලුතෙන් වග කිරීම නවතන බවට පොරොන්දු වීමෙන් අනතුරුවයි.