தமிழ்
English
Contact
Sunday 5th May 2019    
ලෝකයටම අයිති සිංහරාජ ස්වභාවික සම්පත් විනාශය නවතනු! - වෙනසක තාරුණ්‍ය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලෝකයටම අයිති සිංහරාජ ස්වභාවික සම්පත් විනාශය නවතනු! – වෙනසක තාරුණ්‍ය



සිංහරාජ වනාන්තරයේ සිදු කෙරෙන වන විනාශය හා අධිරාජ්‍යවාදී මැදිහත් වීම් සම්බන්ධයෙන් ‘වෙනසක තාරුණ්‍ය'(Youth for CHEnge) සංවිධානයේ අදහස් දැක්වීමට අද (07) මෙම මාධ්‍ය හමුව කැදවා තිබුණේ මරදාන ඩීන්ස් පාරේ පිහිටි සමාජ සහ සාමයික කේන්ද්‍රයේදීය.

සිංහරාජ වනාන්තරය තුල මේ වන විට සිදුකරමින් පවතින වන විනාශය හා මෙරටට සිදු වන අධිරාජ්‍යවාදී මැදිහත් වීම් සම්බන්ධව මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කෙරිණි.

“සිංහරාජ වනාන්තරය අප රටට පමණක් නොව ලෝකයටම වැදගත් වන පරිසර පද්ධතියකි. මෙය ජෛව විවිධත්වය අතින් ගත කල ලෝකය ඉහලින්ම පිහිටි වනාන්තරයකි. නිවර්තන වැසි වනාන්තරක් ලෙස සැලකෙන සිංහරාජය ජෛවීය රක්ෂිත, දැඩි ආරක්‍ෂිත ලෝක උරුම වනාන්තරයක් ලෙස නම් කර ඇත්තේ ද මෙහි ඇති අතිශය වැදගත් කම හේතුවෙනි. ලංකාවට ආවේනික ශාක හා සත්ව විශේෂ රාශියකට නිවහන බවට පත්ව ඇත්තේ සිංහරාජ වනාන්තරයි.
මෙවැනි ලෝක මට්ටමේ වැදගත් කමක් ඇති සිංහරාජ වනතරය ආරක්ෂා කිරීම වෙනුවට මේ වනවිට ලෝක බැංකු ව්‍යාපෘතියක් හා සම්බන්ධ වෙමින් මෙරට පරිසර අමාත්‍යංශය වන සරක්ෂණ දෙපාර්තමේන්තුව සිංහරාජය විනාශ කිරීමේ සැලසුමක ක්‍රියාත්මක කරයි. ඒ ලෝක බැංකු ව්‍යපෘතියක් වන ESCAMP ව්‍යාපෘතිය හරහායි. මේ ව්‍යපෘතිය හරහා සිංහරාජ කුඩව පිවිසුම ප්‍රදේශයේ විශාල මාර්ගයක් ඉදි කරනු ලබයි. සංචාරකයන්ට පහසුව සඳහා ඉදි කරනවැයි පැවසෙන මෙම මාර්ගය අඩි 10ක පලලින් යුතුව කොන්ක්‍රීට් අතුරයි. එමගින් මෙම පරිසර පද්ධතියට සිදු වන හානිය අති විශාලය. තවත් වැදගත් කාරණයක් වන්නේ මෙම ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබා දී ඇත්තේ 2011 වර්ෂයේදීය. එනම් මහින්ද රාජපක්ෂ රජය සමයේදීය. එසේම විරෝධතා හමුවේ හකුලා ගැනීමට සිදු වූ මෙම ව්‍යපෘතිය නැවත ආරම්භ කරන්නේ 2017 වර්ෂයේ වත්මන් ජනධිපති මෛත්‍රීපාල සිරිසේන පරිසර අමාත්‍යාංශය භාරව කටයුතු කරද්දීමය.
සිංහරාජය පමණක් නොව තවත් රක්ෂිත වනාන්තර කිහිපයක මෙවැනි ව්‍යපෘති ක්‍රියාත්මක කෙරේ. ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 45 ලෝක බැංකුව ලබා දී ඇත.
මේ අතර පෙබරවාරි 02 වනදා සිංහරාජ වනාන්තරයේදී අත්අඩංගුවට ගත් විදේශකයන් පස් දෙනා විසින් සිංහරාජයෙන් එකතු කර ගෙන තිඛූ සතුන් සහ ශාක කොටස් විශාල ප්‍රමාණයක් හමුවීමත් සමග තවදුරටත් සිදුවන ජෛව මංකොල්ලයක්ද අනාවරනය වී තිබේ. වනසංරක්ෂණ බලධාරීන්ගේ අනුග්‍රහය ඇතිව සිදුවන මෙවන් ජාවාරම් වලට තව තවත් පහසුවක්ද මෙවන් මාර්ග තැනීම් හරහා සිදුවේ.
තවද රාජපක්ෂ පාලනය හම්බන්තොට පමනක් අක්කර 20000ක් සංවර්ධන ව්‍යාපෘති ලෙස හඳුන්වමින් චීන ව්‍යාපෘති සඳහා වනාන්තර විනාශ කලා සේම වත්මන් ආණ්ඩුවද ත්‍රිකෝණමඩු රක්ෂිතයේ අක්කර 8500ක් වාණිජ කෘෂිකර්ම ව්‍යාපෘති සඳහා සමාගම් වලට දීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් මේ වන විට කැබිනට් පත්‍රිකාවක් ගෙනැවිත් තබේ. එම අමාත්‍යාංශයේම මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත මහවැලි c කලාපයේ දෙහිඅත්තකණ්ඩිය සහ ගිරාදුරුකෝට්ටේ ආශ්‍රිතව වනවැස්ම සඳහා වෙන්කල ඉඩම් කෘෂිකර්ම කටයුතු වලට ගැනීමට තවත් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. මෙම අමාත්‍යාංශය බාර ඇමති වරයා ජනාධිපති වරයාමය.
මෙසේ අධිරාජ්‍යවාදී අර්ථික වුවමනා මත සංචාරක කර්මාන්තය සඳහාත් වාණජ කෘෂිකර්මාන්තය සඳහාත් වනාන්තර ඇතුලු පරිසරය විනාශකරන අතර අධිරාජ්‍යවාදී යුද වුවමනා මත මෙරට ජනතාවත් භූමියත් අනතුරේ හෙලමින් සිටී.”
මෙම පරිසර කොල්ලයට හා අධිරාජ්‍යවාදී මැදිහත්වීම්වලට එරෙහිව නැගී සිටින ලෙස ‘වෙනසක තාරුණ්‍ය’  සංවිධානය ලෙස මෙරට සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව එම මාධය හමුවේ අදහස් පළ කළ සියලු දෙනා අවධාරනය කරණ ලදී.

‘වෙනසක තාරුණ්‍ය’ ජාතික කමිටුව නියෝජනය කරමින් ළහිරු වීරසේකර, සුජිත් කුරුවිට, මාලින්ද ශක්ති, කෝෂිලා හංසමාලි, සහ තිමන්ත දයනක මීට සහභාගි වූහ.