Posted on 03.27.2019 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
විල්පත්තුව, සිංහරාජය, නකල්ස් ඇතුළු වනාන්තර විනාශ කිරීමට එරෙහිව අද(27) දින සරසවි සිසුන් විසින් දීපව්‍යාප්තව දැවැන්ත විරෝධතාවයන් සංවිධානය කර තිබුණි.
පාලකයිනි, විල්පත්තුව, සිංහරාජ, නක්ල්ස් ඇතුළු පරිසර සංහාරය වහා නවතනු!
ජනතාවනි, පරිසරය වනසන නවලිබරල් ප‍්‍රතිපත්තියට එරෙහිව වීදි බසිව්!
හුස්ම ගැනීමට ඉඩදියව්!
ඇමෙරිකානු චීන ලෝක පරිසර සංහාරය වහා නවතනු!
යන සටන් පාඨ පෙරදැරිව දිවයිනේ විශ්වවිද්‍යාල ගණනාවක් නියෝජනය කරමින් සිසුන් සම්බන්ධ වූ අතර ස්ථාන ගණනාවකම ආකෘති කිහිපයක් යටතේ විරෝධතා සංවිධානය කර තිබුණි.
ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සිසුන් මහරගම නගරය දක්වා විරෝධතා පාගමනක් සහ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබු අතර කැලණිය විශ්වවිද්‍යාලයීය සිසුන් විසින් සරසවිය ඉදිර්පිට උද්ඝෝෂණයක නිරතවිය. එමෙන්ම සබරගමුව විශ්වවිද්‍යාලයීය සිසුන් පබහින්න නගරය දක්වා පාගමනක් සහ එහිදී උද්ඝෝෂණයක්ද සංවිධානය කරන තිබුණි.
කොළඹ සරසවි සිසුන් විහාරමහාදෙවි උද්‍යානය දක්වා පාගමනින් පැමිණ උද්ඝෝෂණයේ නිරතවිය.
රජරට සරසවි සිසුන් මිහින්තලය නගරයේ උද්ඝෝෂණය සංවිධානය කර තිබූ අතර නැගෙනහිර සරසවි සිසුන් විශ්වවිද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කරන ලදි. අග්නිදිග සරසවි සිසුන් අම්පාර නගරය තෙක් පාගමනින් පැමිණ එහිදී උද්ඝෝෂනයේ නිරත විය. එමෙන්ම සෞන්දර්ය සිසුන් කොළඹ කොටුව ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කරන ලදි.
මීට අමතරව හෙට(28) දිනයේදී පේරාදෙණිය සරසවි සිසුන් මහනුවර නගරයේද වයඹ සරසවි සිසුන් කුලියාපිටිය නගරයේද විරෝධතා සංවිධානය කර ඇති බව වාර්තා වේ.